
(අංජුල මහික වීරරත්න)
ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරන ජාතික ලාදුරු සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය.
ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම මෙහිදී සිදු විය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන් සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව අද (06) සහ හෙට (07) දෙදින කොළඹදී පැවැත් වේ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ 1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුවද, එම ගමන තවමත් අවසන් වී නොමැති බවයි.
නව ලාදුරු රෝගීන් අඛණ්ඩව හමුවෙමින් පවතින බව කී අමාත්‍යවරයා වසරකට ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත්, ඔවුන්ගෙන් 10%ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් බවත් සඳහන් කළේය.
ඒ අනුව වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා කීය.


2025 නොවැම්බර් මස 04
198
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාතික ලාදුරු සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ
Sumedha Thursday, 06 November 2025 03:29 PM
කියපු දේවල් එකක්වත් මතක නැත්තේ ලාදුරු හින්දාද?