(අංජුල මහික වීරරත්න)
අනාගතයට ගැලපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.
ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති
වට්ස් ඇප් අංක - 0771806878
ෆේස්බුක් ගිණුම - National Youth Policy 2025
ඊමේල් - [email protected]
දුරකථන අංක - 011 2697934
ෆැක්ස් අංක - 011 2688836 වෙත හෝ
ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය,
අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07
ලිපිනයට ලිඛිතව යොමු කරන ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දෙයි.
මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පැවතීම ඇතුළු මේ වන විට පවතින තරුණ ප්‍රතිපත්තියේ පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනිමින් සකස් කෙරෙන මෙම නව ජාතික තරුණ ප්‍රතිපත්තිය 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව
ඊට අදාළ විෂය ප්‍රවීණයන්ගේ සහ විද්වතුන්ගේ දායකත්වයෙන් සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා අදහස් සහ යෝජනා ලබා දීමට සියලුම පුරවැසියන්ටද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකාවේ සියලුම තරුණ තරුණියන් ආවරණය වන පරිදි තරුණ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම සහ මනා පෞරුෂයෙන් යුත් නායකත්වයක් සහ නිර්මාණශීලි තාරුණ්‍යයක් ගොඩනැඟීම මෙහි අරමුණ බව අමාත්‍යංශය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජාතික තරුණ ප්‍රතිපත්තියට අදහස් කැඳවීම ඇරැඹේ