IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය ජයගන්නා තැනට ගෙන යනවා

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙනයාමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ක්‍රීඩා සතිය වැඩසටහනේ සමාප්ති උළෙල අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී ස්වවායු ව්‍යායාම වැඩසටහන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් හා රිද්ම යෝගා ඇකඩමියෙහි (Rhythmic Yoga Academy) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ටොරිංටන් ක්‍රීඩාංගනයේ දී පැවැති යෝගා වැඩසටහනත් සමඟින් ක්‍රීඩා සතිය නිමාවට පත්විය.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමත්, අනාගතයේ දක්ෂ ක්‍රීඩක ක්‍රිඩිකාවන් බිහිකිරීමත් ක්‍රීඩා සතියෙහි අරමුණ බවයි. 

රටක් දියුණු වීමට නීරෝගී ජනතාවක් සිටිය යුතු අතර ඒ සඳහා ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම වැදගත් බව අමාත්‍යවරයා කීය.

 



අදහස් (2)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය ජයගන්නා තැනට ගෙන යනවා

sene Friday, 01 August 2025 03:32 PM

කියැවීමට වඩා ක්‍රීඩා කිරිම් අමාරුයි. කරන්න යන දෑ කියන්න අපටද දැන් ගන්න...

:       0       1

ගුණරත්න Friday, 01 August 2025 03:57 PM

ඉස්සර ඉඳපු ඇමැතිලා කිව්වේත් ඔය ටිකම තමයි... කරනවා, ප්ලෑන් හදනවා එහෙම, එත් කෙරුණු රෙද්දක් නැහැ. ඒ අස්සේ පුනරුදේ ගෙනා මාලිමා ඇමතිලාත් කියනවා අර පරණ කතා ටිකම එක පිල්ලක් අඩු නැතිව! මම දැක්කා ප්‍රවෘත්තියක් කර්මනියේ තිබුණු විශ්වවිද්‍යාල තරඟාවලියට සහභාගී වුණු ලංකාවේ ක්‍රීඩකයෙක් පැනලා කියලත්. ඔන්න වැඩ!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 155 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site