බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ ආරම්භයේ සිටම සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ ඡන්ද සටහනට අනුව පෙරමුණේ රැදී සිටින තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 1315 ත් සමගින් ඡන්ද 19,341 ලබාගෙන මුළු ඡන්ද 20,000 සීමාවට ආසන්නවී සිටී.
ආරම්භයේ සිට මේ වන තුරුම ජලීල්ට තරගයක් දීමට කිසිවෙකු සමත්වී නොමැත.
පසුගිය සති කිහිපය තුළ සමස්ත ලංකා කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත, පසුගිය සති දෙක තුළදී ඡන්ද 249 ක් ලබාගෙන ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 4688 දක්වා වර්ධනය කරගනිමින් එම කාණ්ඩය තුළ ඔහුගේ ස්ථානය තහවුරු කරගෙන තිබේ.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන නුගේගොඩ ලයිසියම් විදුහලේ ශසික රත්නතිලක පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 1110 ත් සමග මුළු ජන්ද 7229 ක් ලබාගෙන තිබේ. එ අනුව ඔහු එම කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවන ලේටන් පාර්ක් විද්‍යාලයේ වලීඞ් ජිෆ්රිට අභියෝගයක් එල්ල කිරීමට සමත්ව සිටී. ජිෆ්රිගේ මුළු ඡුන්ද සංඛාව 8032 ක් වන අතර ඔහු පසුගිය සති දෙක තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 862 ක් පමණි.
නැගී එන කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ රැදීසිටින ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් පසුගිය සති දෙක තුළදී ලබාගත් ඡන්ද 103 ත් සමග මුළු ඡන්ද 1934 ක් ලබාගෙන තවදුරටත් තම ස්ථානය රැකගැනීමට සමත්ව සිටී.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත් පත් අයතනයේ, දිනපතා ප‍්‍රකාශන වන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වලද සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේද පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. එල්. රාධකි‍්‍රෂ්නන්, එටොන් වත්ත, පූඬළුඔය
2. කේ. ඒ. ප‍්‍රනාන්දු, නො. 40, ගොවිපළ පාර, මට්ටක්කුළිය
3. ඉයුස්ටස් ප‍්‍රනාන්දු, නො. 308 ඊ, ජුබිලි මාවත, කටුනායක
4. තාරක අමරවීර, නො. 613, ශී‍්‍රමත් බෙන් සොයිසා මාවත, නල්ලූරුව, පානදුර
සමස්ත ලංකා පාසල් කාණ්ඩය
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 19341 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 4688 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3680 |
| දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1478 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1235 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා අන්තෝනි විදුහල | 635 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 513 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 214 |
| දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 213 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 188 |
| දේවින් පත්මනාදන් | කොළඹ රාජකීය විදුහල | 186 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 156 |
| චතුරංග රාජපක්ෂ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 105 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 85 |
| සන්ජික රිද්ම | මාතර ශන්ත සර්වේසර්ස් විදුහල | 74 |
නැගී එන පාසල් කාණ්ඩය
| සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1934 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 1225 |
| චාමික අමරසේකර | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 797 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 343 |
| භානුක මානෙල්අංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 167 |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 128 |
| සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 19 |
| ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 16 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| වලීඞ් ජිෆ්රි | ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල | 8032 |
| ශසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 7229 |
| චේලක මල්ලවාරච්චි | වත්තල ලයිසියම් විදුහල | 176 |
| ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර පාසල | 97 |
| පවින් ලහඳුපුරගේ | වත්තල ලයිසියම් විදුහල | 18 |
| නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල | 3 |
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහිත් පළමු ස්ථානයට ඉන්නේ මුස්ලිම් ශිෂ්‍යයෙක්. දැන් මේකට අපේ සේනාව මොකද කියන්නේ? මේ තරඟය තහනම් කරනවද? (නි)
මේකෙත් මුස්ලිම් කට්ටිය ඉදිරියේ. (නි)
සිංහල වුණත් මුස්ලිම් වුණත් මේ අපේ රටේ අපේ ලමයි. ඔවුන්ට අපි සුබ පතමු (නි)
සල්ලි තියෙනවා නම් ජනප්‍රිය වෙන්න අමාරු නැහැ. මම මේ කියන්නේ ජලිල්ට නෙමෙයි. පොදුවේ හැමෝටම. (නි)
මේ ජනප්‍රිය කියන නම් ලැයිස්තුව දිහා බලනකොට මේක ශ්‍රි ලංකාවේ පාසල් ක්‍රිකට් වල ඇත්තම තත්වයද කියල හිතෙනවා. මෙතන ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ ක්‍රීඩකයෝ ඉන්නේ කී දෙනාද ? (නි)