(විමුක්ති එස් රුද්‍රිගු)

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ඝාතනයට චෝදනා එල්ල වී සිටි 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි එම චෝදනාවට වරදකරු බව තීන්දු කළ එරට අධිකරණය වරදකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පසුගියදා නියම කළේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය වසර 3.5 කට පසුව නඩු විභාගය මෙලෙස අවසන් විය. 2022 වසරේ ජූලි මාසයේදී නාරාහි පැවැති දේශපාලන රැළියකදී හිටපු අග්‍රාමාත්‍ය අබේව දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබිණි.

අනතුරුව එම වසරේ ඔක්තෝබර් මාසයේදී අබේ ඝාතන නඩුව ආරම්භ වූ අතර එහිදී මිනීමැරීමේ චෝදනාවට සහ අනෙකුත් චෝදනාවන්ට යමගාමි වරද පිළිගෙන ඇත.

වෙඩි බෙහෙත් නිපදවීම සහ දේපළ අලාභානි සිදු කිරීම ටෙට්සුයා යමගාමිට එල්ල වූ තවත් චෝදනාවන් දෙකක් විය.

නාරා දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ශිනිචි ටනාකා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර තිබිණි.