IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට

(අංජුල මහික වීරරත්න)

ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ජ්‍යෙෂ්ඨ  උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

බංගලාදේශය ,වියට්නාමය වැනි රටවල ආයෝජනය කළ  ආයෝජකයින් නැවත ලංකාවට පැමිණීම ආරම්භ කර තිබෙන බව කී ආශු මාරසිංහ මහතා මේ වසරේ මුල් කාර්තුවේ පමණක් ඇමරිකා ඩොලර් බිලියන 1.1 ක් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට හැකියාව ලැබුණු බවද කීය. මාර්තු මාසයේදී ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 438 ක් උපයාගෙන තිබෙන බවද මාරසිංහ මහතා පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (14)

ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට

saman Monday, 29 April 2024 03:15 PM

ඕකත් අර වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ එක වගේ තමයි

:       16       66

Lakmal Monday, 29 April 2024 03:19 PM

වොක්ස්වැගන් සමාගමේ එක ලංකාවට ආවා වගේ තවත් සීන් එකක් නේ...

:       9       55

Example Monday, 29 April 2024 03:25 PM

වියට්නාම් වල සුනඛයෝ බෝ කරන සමාගමකුත් ලංකාවට එනවලු

:       12       54

ආශු Monday, 29 April 2024 04:11 PM

මටත් හොඳට වැඩුණු බලු පැටියෙක් දෙන්න.. මම බල්ලන්ට ආසයි .. ගෑනුන්ට වඩා.

:       9       23

HafeelMonday, 29 April 2024 04:27 PM

උදාහරණ - එතකොට මෙයාට වියට්නාමයේ සුනඛයින් සමග අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන්...!

:       8       20

Kumara Monday, 29 April 2024 03:31 PM

නොරිටාකේ ෆැක්ටරියක් ලංකාවේ මාතලේ තියෙනවා. ඒක ආරම්බ කරලා අවුරුදු 30 කට වැඩියි.

:       4       82

Janaka Monday, 29 April 2024 03:53 PM

නොරිටාකේ සමාගම දැනට අවුරුදු 25කට වඩා වැඩි කාලයක් ලංකාවේ මාතලේ සහ දංකොටුවේ කර්මාන්ත ශාලා දෙක පවත්වගෙන යනවා.

:       0       24

විජිත් Monday, 29 April 2024 04:07 PM

ලංකාවේ මැතිවරණයක් කිට්ටුවෙද්දීම මොකද ඒ ගොල්ලෝ වියට්නාමය අතහැරලා ලංකාවට එන්නේ? අපිට අමතක නැහැ ෆොක්ස්වැගන් කොම්පැනිය ලංකාවට ගෙනාපු කතාන්දරය." අපි නම් කයි මයියොක්කා ..."

:       7       25

Amara Monday, 29 April 2024 05:51 PM

ඕක කලිනුත් තිබුණනෙ මොනවද මේ මනුස්සයට වෙලා තියෙන්නෙ?

:       1       18

ජයනාත් Monday, 29 April 2024 09:55 PM

මෙයා ලංකාවේ කෙනෙක් වෙන්න බැහැ . ලංකාවේ ජනතාව නම් දන්නව ලංකාවේ දැනටමත් නොරිටාකේ සමාගමක් මාතලේ තියෙන බව.

:       1       14

Wicky priyan Tuesday, 30 April 2024 04:54 AM

මූට පිස්සුද

:       0       1

Nimal Tuesday, 30 April 2024 09:44 AM

මුන් නම් මිනිස්සු වෙන්න බෑ .මෙච්චර අපකීර්තියට පත් වෙලත් රෙදි ඇඳගෙන ඉන්නේ

:       0       1

Bunny Preena Tuesday, 30 April 2024 10:30 AM

වජිරට වගේම මෙයාටත් හොඳ ඉනා බෙහෙතක් රනිල් කවලා වගෙයි

:       0       2

Nadeesh Prasanga Wednesday, 01 May 2024 04:16 AM

අනෙ නිකම් පලයන් බං යන්න , ගෙදර බල්ලට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි
2024 මැයි මස 15 210 0

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
2024 මැයි මස 15 125 0

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ


ඇමෙරිකානු ආයතනයක පැමිණිල්ලක් ගැන විමර්ශන අරඹයි
2024 මැයි මස 15 630 0

ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද


සා.පෙළ. සිසුවිය පැහැරගත් හතරක් අත්අඩංගුවට
2024 මැයි මස 15 1000 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ


‘අෂ්රෆ්’’කෞතුකාගාරයක් හදන්න මිලියන 25ක්
2024 මැයි මස 15 617 2

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ


මියගිය කත ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී
2024 මැයි මස 15 895 1

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 716 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2247 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1926 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site