ජපානයේ උප ඇගමැති ටාරෝ අසෝ ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත‍්‍රියේ දිවයිනට පැමිණියහ.
ජපානයේ මුල්‍ය කටයුතු පිළිබඳ උප අග්‍රාමාත්‍යවරියක වන යූකෝ ඔබුචි සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තෙකිෂි ඔසාකි මහතාද මේ අතර වෙති.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපකෂ සහ විදේශ කටයුතු නියොජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්වරුන් විසින් මෙරටට පැමිණි ජපාන උප අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුහ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සංචාරයේ අරමුණ වෙයි. මෙම සංචාරය අතර තුර ජපාන උප අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමටද නියමිතය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු මාසයේ කළ ආරාධනයකට අනුව අසෝ මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණ ඇත.
-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මත්තලෙන් නෙවෙයිද අවේ. එන සේරම කටුනායකෙන් නේද?(ස)
අනේ කොළඹ-නුවර අධිවේගෙට අපිට කීයක් හරි දීලා යන්න. නැත්නම් ඒකටත් චීන්නු ආධාර දීලා පාර කාලා යයි (නි)
ඔය අතේ තියන පෙට්ටියේ සල්ලි කියක් අරන් අවාද ඔබතුම අපට ණයට දෙන්න.(ස)
මේ පර මොනවද විකුනන්ට යන්නේ.(ස)
බලවත් රටවල් සල්ලි ණයට දීලා අපි අනාත කරනවා කියලා ලගදි කෙනෙක් බෙරිහන් දෙනවා මම දැක්කා.ඔන්න මේ ආරාධනා කරලා ගෙන්වාගෙන තියෙන්නේ ණයට ඉල්ලගන්න. බලෙන් දෙන්නේ නැහැනේ. එපා නම් එපා කියන්න. (නි)
රටට එන අය ගැන ආඩම්බරයි. ඒත් ණය දීලා අපිව තව හෙම්බත් කරන්න නම් එපෝ (නි)
ලෝකයේ අනෙක් බලවත් ජාතීන් ගැන සංසන්සන්දනය කරනවිට ආසියාවේ බලවත් ජාතීන් හැටියට රුසියාව ,චීනය,ජපානය අපේ රටට කර ඇති පරිත්‍යාග අමතක කරන්න එපා. නොබැදි ජාතික සමුළුවේදී ජේ.ආර්..ජයවර්දන මහතා ජපානය වෙනුවෙන් කළ කතාව අගය කරලා එතුමාගේ ප්‍රතිමා හිරෝෂිමාවේ කෞතුකාගාරයේත්,කමකුරා විහාරස්ථානයේත් තිබෙන අතර එතුමා නමින් ජපානයේ මාර්ගයක් ද, නම් කර තිබෙනවා. ලංකාවට රූපවාහිනී මධ්‍යස්ථානයක්,ජපන් මිත්‍රත්ව පාලම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, සසකාවා ජපන් පාසැල්, ජෙට්රෝ සංවිධානය මගින් ශිෂ්‍යත්ව සහ අපේ තේ , රබර් , මැණික් මිලදී ගන්නා ජපානය අනුන්ට උදව් කරන අතර රටවල් සූරානොකන , තවත් උදව් ගතහැකි ශ්‍රේෂ්ට ජාතියක් හැටියට ,ගුවන් තොටුපලේ දී ඔකීඩ් මල්මාලා , නැට්ටුවෝ නොසිටීම කණගාටුවට කරුණක්! (නි)