IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපාන උප ඇගමැති ටාරෝ අසෝ දිවයිනට

ජපානයේ උප ඇගමැති ටාරෝ  අසෝ ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත‍්‍රියේ දිවයිනට පැමිණියහ.

ජපානයේ  මුල්‍ය කටයුතු පිළිබඳ උප අග්‍රාමාත්‍යවරියක වන යූකෝ ඔබුචි සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තෙකිෂි ඔසාකි මහතාද මේ අතර වෙති.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ආර්ථික සංවර්ධන   අමාත්‍ය  බැසිල් රාජපකෂ සහ විදේශ කටයුතු නියොජ්‍ය අමාත්‍ය  නියෝමාල් පෙරේරා යන මහත්වරුන් විසින් මෙරටට පැමිණි  ජපාන උප අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුහ.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම සංචාරයේ අරමුණ වෙයි. මෙම  සංචාරය අතර තුර ජපාන උප අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ නියෝජිතයින් සමග  සාකච්ඡා කිරීමටද  නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු මාසයේ කළ ආරාධනයකට අනුව අසෝ මහතා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණ ඇත.

-

 



අදහස් (0)

ජපාන උප ඇගමැති ටාරෝ අසෝ දිවයිනට

ධමයන්ති Thursday, 02 May 2013 11:36 AM

කෝ මත්තලෙන් නෙවෙයිද අවේ. එන සේරම කටුනායකෙන් නේද?(ස)

:       0       0

අමිල Thursday, 02 May 2013 09:15 AM

අනේ කොළඹ-නුවර අධිවේගෙට අපිට කීයක් හරි දීලා යන්න. නැත්නම් ඒකටත් චීන්නු ආධාර දීලා පාර කාලා යයි (නි)

:       0       0

මාලක Thursday, 02 May 2013 09:28 AM

ඔය අතේ තියන පෙට්ටියේ සල්ලි කියක් අරන් අවාද ඔබතුම අපට ණයට දෙන්න.(ස)

:       0       0

නිමල් Thursday, 02 May 2013 10:04 AM

මේ පර මොනවද විකුනන්ට යන්නේ.(ස)

:       0       0

සුපුන් Thursday, 02 May 2013 10:06 AM

බලවත් රටවල් සල්ලි ණයට දීලා අපි අනාත කරනවා කියලා ලගදි කෙනෙක් බෙරිහන් දෙනවා මම දැක්කා.ඔන්න මේ ආරාධනා කරලා ගෙන්වාගෙන තියෙන්නේ ණයට ඉල්ලගන්න. බලෙන් දෙන්නේ නැහැනේ. එපා නම් එපා කියන්න. (නි)

:       0       0

සිල්වා Thursday, 02 May 2013 10:17 AM

රටට එන අය ගැන ආඩම්බරයි. ඒත් ණය දීලා අපිව තව හෙම්බත් කරන්න නම් එපෝ (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 02 May 2013 09:37 PM

ලෝකයේ අනෙක් බලවත් ජාතීන් ගැන සංසන්සන්දනය කරනවිට ආසියාවේ බලවත් ජාතීන් හැටියට රුසියාව ,චීනය,ජපානය අපේ රටට කර ඇති පරිත්‍යාග අමතක කරන්න එපා. නොබැදි ජාතික සමුළුවේදී ජේ.ආර්..ජයවර්දන මහතා ජපානය වෙනුවෙන් කළ කතාව අගය කරලා එතුමාගේ ප්‍රතිමා හිරෝෂිමාවේ කෞතුකාගාරයේත්,කමකුරා විහාරස්ථානයේත් තිබෙන අතර එතුමා නමින් ජපානයේ මාර්ගයක් ද, නම් කර තිබෙනවා. ලංකාවට රූපවාහිනී මධ්‍යස්ථානයක්,ජපන් මිත්‍රත්ව පාලම්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, සසකාවා ජපන් පාසැල්, ජෙට්රෝ සංවිධානය මගින් ශිෂ්‍යත්ව සහ අපේ තේ , රබර් , මැණික් මිලදී ගන්නා ජපානය අනුන්ට උදව් කරන අතර රටවල් සූරානොකන , තවත් උදව් ගතහැකි ශ්‍රේෂ්ට ජාතියක් හැටියට ,ගුවන් තොටුපලේ දී ඔකීඩ් මල්මාලා , නැට්ටුවෝ නොසිටීම කණගාටුවට කරුණක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site