IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ජනපතිගේ ජර්මානු සංචාරයේ තෙවන දිනය අද

(අංජුල මහික වීරරත්න)

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතය.

අනතුරුව, ජනාධිපතිවරයා ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මුලස්ථානයේ (DIHK) පැවැත්වෙන ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය අතර හමුව අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී පැවැත්වේ. 

මේ අතර අද පස්වරුවේදී, ජනාධිපතිවරයා ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරයට එක් වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසද මෙම අවස්ථා සඳහා සහභාගී වනු ඇත.



අදහස් (2)

ජනපතිගේ ජර්මානු සංචාරයේ තෙවන දිනය අද

යෝගා Friday, 13 June 2025 01:18 PM

එහෙනම් අද තමයි අරයව හම්බ වෙලා ගනුදෙනු පියවාගන්න දවස.

:       1       4

amare Friday, 13 June 2025 03:50 PM

මේක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවෙයි. ජර්මන් රජයේ ප්‍රධානියා චාන්සලර් වරයායි. ජර්මන් ජනාධිපති කියන්නේ නාමමාත්‍රික අයෙකු පමණයි. මේක නිකන් ජබයියන්ව රවට්ටන්න ගහපු තවත් ගේමක් විතරයි. බලන්නකෝ අන්තිමට මොනවාද මෙයා ජර්මනියෙන් ගෙනෙන්නේ? එහෙම නැත්නම් කිසියම් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එහෙම අත්සන් කළාද කියලා. එහෙම කිසිදෙයක් මෙතැනදී ලැබෙන්නේ නැහැ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1325 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 492 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 588 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site