IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ජනපති මාලදිවයිනට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා ලබන සඳුදා(28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ  ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික රාජ්‍ය සාකච්ඡා පැවැත්වීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා මෙහිදී මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික  ප්‍රජාව හමුවීමටද නියමිතය.මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද සහභාගී වීමට නියමිතව ඇත.



අදහස් (5)

ජනපති මාලදිවයිනට

SIRI Friday, 25 July 2025 01:50 PM

උම්මලකඩ අපට විකුණලා පණකෙන්ද ගැටගහ ගත්තු රටක් අද දියුණුවෙලා තියෙන්නේ කොහොමද කියලා දන්නා කියන කෙනෙක්ගෙන් අහලා දැනගත්තොත් ඔය ගමනෙන් වැඩක් වෙයි. සංචාරක ව්‍යාපාරය චූන් පාන් කාලා සුමානයක් ඉන්න හදන විදේශිකයින් වෙනුවට අත දිග ඇරලා කිසි ලෝබකමක් නැතුව යහමින් වියදම් කරන ලෝකයේ ධනවත්ම පිරිස් ගෙන්වාගන්න සකස්කර ඇති වැඩපිළිවෙල ගැනත් අහලා බැලුවොත් හොඳයි. මාලදිවයින් ගුවන්සේවය ළඟදීම ශ්‍රී ලන්කන් එකටත් වැඩිය විශාල වෙන්නයි යන්නේ...

:       1       7

MD Friday, 25 July 2025 03:05 PM

යන්න ඉස්සෙල්ලා අර අහිංසක වැඩිහිටියන්ට බෙහෙත් ටික මාසේ කැම බීම ටික ගන්න වැඩිහිටියන්ගේ දීමනාව දීලා යන්න කාරුණික වන්න ජනපතිතුමනි...!

:       2       4

sena Friday, 25 July 2025 03:18 PM

යනවා එනවා විතරයි... රට එහෙම්මයි...!

:       7       8

යෝගා Friday, 25 July 2025 04:03 PM

කලින් විදියටම රට සවාරියක් ගහලා අපේ බදු මුදලින් විනෝද වෙලා රටට තඹදොයිතුවක වැඩක් කරගන්නේ නැතුව හිස් අතින්ම ප්‍රයිවට් ජෙට් එකකින් ආපහු එන්න. පත්වෙලා මාස දහයයි, රටේ සංවර්ධනය බින්දුවයි...

:       9       7

රනේ Friday, 25 July 2025 05:13 PM

අපි මේ ආණ්ඩුවට වඩා වෙනස් ආණ්ඩු පතන්නේ නෑ. මේ කරන සුද්ද කිරිල්ලම මදැයි මුළු කාලෙටම වුණත්. (ජරා ගොඬේම ඉන්න පණුවන්ට ඒවා තේරෙන්නේ නැති එක ගැන දුකයි)

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 92 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 333 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 61 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site