IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ජනපති පුටුවට හතක් පෝලිමේ

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරකුවන ඉශාන් ජයවර්ධන යන මහත්වරු වෙති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාටද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස එම පාක්ෂිකයෝ පසුගියදා ඉල්ලීමක් කළහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට ඊයේ පැවසුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් තමාගේ තීරණය ඉදිරි සති කිහිපයේදී දැනුම් දෙන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් තීරණය කර නොමැත. මේ සම්බන්ධයෙන් අප එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා කවුදැයි තීරණය කිරීමේ බලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බාරදී ඇති බවයි.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේ මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපතිවරණය සඳහා ඉදිරියේදී තවත් අපේක්ෂකයන් එක්වීමට නියමිතය. මේ අනුව ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (11)

ජනපති පුටුවට හතක් පෝලිමේ

නිහාල් Wednesday, 24 April 2024 12:12 AM

බත්තරමුල්ලේ සීලරතන හිමි නැද්ද

:       0       16

විපරමා Wednesday, 24 April 2024 12:23 AM

අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොදින් හිතා බලා අනාගතයේ බුද්දිමත් තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා .

:       0       23

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 24 April 2024 03:39 AM

බුදු අම්මෝ අර නයි නයිදෙත් එනවද? විජේදාසයා? කොයි  තරම් දක්ෂයෙක්ද? මඩ ගොඩේ ලඟින සූකරයෙක් උනත් කියාපාන්නේ මම උභය කුල පාරිශුද්ධ කිරි සුදු හා හාමි කියලයි. සල්ගාදුට කියල නඩු දම්මවල රන්ජන් රාමනායකව හිරේ යවල අපිට කියන්නේ අනේ ඉතින් මම නැත්නම් රන්ජන්  තවම හිරේනෙ කියලයි

:       0       10

chandima Wednesday, 24 April 2024 05:53 AM

පෝලිමේ උන්නට වැඩක් නැහැ වාඩි වෙලා ඉන්න කෙනා පස්සේ මැලියම් ගාගෙන වාඩිවෙලා තියෙන්නේ

:       6       7

nanda Wednesday, 24 April 2024 06:20 AM

කීදෙනෙක් ඉදිරිපත් උනත් තරඟය තියෙන්නේ දෙන්නෙක් අතර

:       0       23

Nimal Wednesday, 24 April 2024 08:52 AM

නාගානන්ද ?

:       5       4

විශ්වජිත් Wednesday, 24 April 2024 08:57 AM

හත් දෙනෙක් කිව්වට ඉතින් ඔතනින් හය දෙනෙක්ම එකට එකතු වෙනවා තමන්ගේ පැවැත්ම සඳහා පවතින දූෂිත දේශපාලන ක්‍රමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්.

:       5       33

Kazi Shajahan Wednesday, 24 April 2024 09:24 AM

මේ පාර NPP VS ඔක්කොම අපේක්ෂකයින් ,රනිල් /සජිත්/සිරිසේන ඔක්කොම එකතු වෙනවා එක පැත්තකට

:       8       34

ranjith Wednesday, 24 April 2024 10:21 AM

සමහරු ප්‍රසිද්ධියට ඡන්දෙ ඉල්ලනවා අපේක්ෂකයෙක් වෙනුවෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව මුද්‍රණ කටයුතු සදහා අධික මුදලක් වේය කරනවා මේවා මහජන මුදල් පුත්ගල ප්‍රතිරුප ගොඩනගන්න නොවේ ඡන්ද පවත්වන්නේ එම නිසා ඇප මුදල වෙඩි කර අනවශ්‍ය පරිදි ඡන්ද පත්‍රිකාවේ විශාලත්වය අඩුකර ගන්න කටයුතු කරන්න දිනන කෙන කෙසේ උවත් පරදින් සෙට් එක කියන්න පහසුයිනේ

:       0       13

ravin Wednesday, 24 April 2024 02:04 PM

මම නම් හිතන්නේ අර ත්‍රෛෙලා්ක විජය පත්‍ර මැඩම් තමයි සුදුසුම,...

:       0       2

ගමේ එකාලා Wednesday, 24 April 2024 03:37 PM

හොර පෙරකදෝරුවා, එතනෝල් ජොනී, කුඩු ලන්සා, රත්තරන්, කප්පම්කාරයා වගේ සුදුසුකම් ඇති අය තව කොච්චරවත් ඉන්නවයි කියලද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවාරයේ ශ්‍රීපාදය කරුණා කිරීම විදේශිකයන්ට පමණයි
2024 මැයි මස 03 501 0

අවාරයේ ශ්‍රී පාදය කරුණාකිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්


තාක්ෂණික අවුලෙන් අයදුම්කරුවන් 10,000කට අවුලක්
2024 මැයි මස 03 163 0

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවෝ 10,000 කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව


යුපුන් - නදීෂා අරාබියේදී පදක්කම් දිනති
2024 මැයි මස 03 697 0

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ග්‍රෝන්ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා කෙටි ධාව


විධායක නිලධාරීන් ලෙඩ නිවාඩු දමති
2024 මැයි මස 03 251 0

වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කීහිපයක් මුල්කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (03) දිනයේද අසනීප නිවාඩු මත රාජකාරියට වාර්තා නොකිරීම නිසා


ඊශ්‍රායල රැකියාවලට ලාංකික රොත්තක්
2024 මැයි මස 03 666 3

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .


OnmaxDT පිරමීඩ ලොක්කො 6කට විදෙස් ගමන් තහනම්
2024 මැයි මස 03 350 0

’’ඔන්මැක්ස් ඩී.ටී.’’ පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 470 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1905 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1688 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site