(අංජුල මහික වීරරත්න)
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.
ජර්මනියේ ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට එරට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ සහ වෘත්තිකයෝ රැසක් එක්ව සිටියහ.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේ සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි.
රට ඉහළට ඔසවා තැබීම සඳහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා පැවැසූයේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජනපති ජර්මනියේ ලාංකිකයන් හමුවෙයි
යෝගා Saturday, 14 June 2025 02:15 PM
දිනුවට පස්සේ ඩොලර් කෝටි ගණන් ගෙන්වන්න පුළුවන් කියලා ඡන්ද කාලේ කිව්වේ මේ අය ගැන වෙන්න ඇති. මොවුන් මෙතෙක් කරපු ආයෝජනයකුත් නෑ ඉදිරියට කරන්න පුළුවන් කියලා හිතන්නත් බෑ. ඇත්ත කතාව ලංකා ඩයස්‌පෝරාවේ 99%ක්‍ම ලොකු දේවල් කිසිවක් කරන්න බැරි... ඒත් රට කරන හැටි ගැන ලොකු ලොකු උපදෙස් දෙන්න නම් කැමති සාමාන්‍ය මිනිස්සු.
රම්බොඩ Saturday, 14 June 2025 02:18 PM
දන්නා තරමින් නම් ජර්මනිය වගේ රටවලට ගිය අය ලංකාව අත හැරලාම ගියා මිසක් රැකියාවක් කරලා රටට සල්ලි එවලා නැවත රටට එන්න ගිය අය නොවේ. නිකම් බොරුවට මුණ ගැහෙනවා. කොටි ඩයස්පෝරාව එක්ක මොනවාද දන්නේ නෑ එකඟ වෙච්චි දේවල්. ඒ ගැන තමයි සැක...
ගුණරත්න Saturday, 14 June 2025 05:47 PM
ජර්මනියේ ගියාට රාජ්‍ය නායකයා මුණගැසෙන්නේ වත් ලැබුනේ නැහැ කියලා කනින් කොනින් ආරංචි ආවා, නාමික ප්‍රධානියා මුණගැහිලා හිඟමනක් ගන්න කතා කරලා ආවාලු...!
රනේ Saturday, 14 June 2025 06:34 PM
ඔය අවර ගණයේ කථා නවත්තලා ඔයාලත් යන්නම යන්නකෝ කොහේ හරි...