
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා හෙට (22) රාත්‍රී ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට පැමිණෙනු ඇත. ජනාධිපතිවරයා බදාදා (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත.
එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 27 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ජපාන සංචාරයේ නිරත වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සමඟ ලබන 29 වැනිදා සාකච්ඡා පවත්වන අතර 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය.
ජනාධිපතිවරයා ජපන් රජය සමග පවත්වන සාකච්ඡා වලදී ශ්‍රී ලාංකිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර එහි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දින සැමරුමටද එක් වනු ඇත.එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාරය, වෙළෙඳ සහ ආයෝජන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිස් සහභාගී වෙති.
මීට අමතරව ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජපානයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද සහභාගී වෙයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ඇමරිකා සහ ජපාන සංචාරය නිමා කර ඔක්තෝබර් 1 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩන් ට්‍රාන්සිට් එකක් නැතුව කෙලින්ම කටුනායක ඉඳන් නිව්යෝක් යනවා අත්තේ. ආර්යාවක් අරන් යන ප්‍රශ්නෙත් නෑ නේ. හැබැයි පුද්ගලික වැඩවලට ආණ්ඩුවේ සල්ලි එක සතයක්වත් වියදම් කරලා අහු වෙන්න එපා. ඔයා අන්ත සුදනා බව පෙන්නපු නිසා ඒ විදියටම වැඩ කරන්න වෙනවා.
කජු සීයා පරාදයි නේද අනුරයියාට. ඔන්න දැන් තේරෙනවා නේද හිටපු අයටත් ඔය වගේ තමයි අනිත් කට්ටිය එන්න කියන්න ඇත්තේ කියලා...
ට්‍රාන්සිට් යන්නේ නැහැ අපේ අරුණ කුමාර සඔදර සබාපතිතුමා. එතුමාට යාළුවො ඉන්නවා ප්‍රයිවෙට් ජෙට් නිකම් දෙන. එහෙම එකකින් යයි. මහජන සල්ලි නාස්ති කරන්නේ නැහැ එක සතයක්. හොටෙල් එකක නවතින්නෙත් නැහැ. යාලුවෙක්ගෙ ගෙදර නැත්නම් ස්ටේසමේ නතරවෙයි, එතුමාට ප්ලැට්ෆෝම් එකේ එළිවෙනකම් දිග ඇදිලා ඉන්න එක අමාරු නැහැ, කාලයක් කෝච්චියේ සිගරැට් වික්ක කෙනා නේ.
දැන් ඇමෙරිකාව බටහිර හොදයි. වෙන අයට තමයි නරක. පුංචි අම්මා එක්ක නොගියොත් ට්‍රම්ප් ජනාධිපතිතුමා සහ බිරිද එක්ක ගන්න පින්තූරය පාලුයි. ඉංග්‍රීසියෙන් වැඩ කරගත්තොත් හොදයි.
ට්‍රම්ප් පරිපාලනයෙන් ආරාධනයක් ඇත්නම්, මේ අවස්ථාවේ එය හොඳයි. නමුත්, මාතෘකාව නොමඟ යවන සුළුයි. අනුරට ඇමරිකා එක්සත් ජනපදයෙන් නිල ආරාධනයක් නැහැ. නමුත්, ඔහු යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට.
දැන් ලංකාව, ලෝකය තුළ පිළිගත් රාජ්‍යයක් වෙමින් පවතිනවා. ඔබ අපිට ආඩම්බරයක්!
ලන්කාව නෝන්ඩි නොකර භාෂා පරිවර්තකයෙක් අරන් යන්න.
අරයා වගේ එමින් ගමන කියූබවටත් ගිහින් ඉංග්ලන්තෙටත් ගිහින්ඩ දන්නේ නෑ එන්නේ.
අප්පුවා