
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනාධිපති රටට ලබාදී තිබෙන ආදර්ශ මිල කළ නොහැකි බව මහජන ආරක්ෂක සහ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපේ ජනාධිපතිතුමා වාහන 24ක් පාවිච්චි කරමින් පාරේ ගියා යැයි චෝදනාවක් එල්ල වුණා.තව ටික වෙලාවක් පාරේ හිටියා නම් වාහන දෙතුන් සීයක් ගණන් කරගන්න පුළුවන් කම තිබුණා.අනුර දිසානායක ජනාධිපතිතුමා පාවිච්චි කරන්නේ ඉතා සීමිත වාහන ප්‍රමාණයක්. ජනපති බලයට පත්වීමෙන් පසුව ආර්ථික මෙන්ම දේශපාලන ස්ථාවරත්වය ඇතිකර තියෙනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් දැවැන්ත ආදර්ශ ප්‍රමාණයක් ලබාදී තියෙනවා.ඒ ආදර්ශ හරහා නිර්මාණ වන බොහෝ දෑ වල වටිනාකම් මුදලින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. ගෙවී ගිය වසර තුළ ඔහු ලබා දුන් ආදර්ශ මෙන්ම නායකත්වය අයවැයේ සඳහන් ගණන් හිලව් වලටත් වඩා මිල කළ නොහැකියි.ඒ ආදර්ශ අනාගත පරපුරට ධන නිධානයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝයි ඔව්... 150 පෙට්‍රොල්,ලයිට් බිල 33% අඩු කිරීම, රජයේ වාහන පාවිච්චිය සහ ඩබල් කැබ් ගෙන්වීම.බැලූ බැල්මට කිව්ව දේවල් උනේ නෑ නේද? Imf පතුරු ගහලා රනිල්ව නැතිකරලා අද රහ කර කර ඒකම කරනවා...
අපිට බොරු කියන හැටිද?
පුදුම ආදර්ශයක් තමයි දීලා තියෙන්නේ. කප්පරක් බොරු කියලා බලයට ඇවිල්ලා. බොරුවෙන්ම ජීවත් වන විදිහ ගැන මාර ආදර්ශයක් දීලා තියෙන්නේ.
ඔබ හරි පාරේ යන නිසා.... රට හරි පාරට එන නිසා අපි ඉවසීමෙන් සතුටින් ඉන්නේ...
අනේ රන් ගුණයෝ...
ඒ ගැන මොකට කියනවාද? කන්ටේනර් 323 ක් පන්නපු ඉතිහාසයේ ලොකුම වංචාව හෙමීට යට ගහලා තමුන්ගේ කල්ලිය බේරා ගත්තා, ඉඩම්, ඔප්පු වංචා වලට තියෙන නඩු යට ගහ ගත්තා, වත්කම් ප්‍රකාශවලින් හෙලි වුණු තමුන්ගේ පක්ෂයේ කෝටිපතියෝ ගැන පරීක්ෂණ නොකර යට ගැහුවා. ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් හැංගුවා. අලුත් බදු ගෙනැල්ලා ජනතාව පීඩාවට පත් කරනවා වගේම අත්‍යාවශ්‍ය ආහාර වලට ගහන බදු අයින් කරනවා කියලා තව වැඩි කළා. බස් එකේ, දුම්රියේ ගිහින් පයින් යන පාලක පන්තියක් බිහි කරනවා කියලා කෝටි ගාණක වාහන ගෙනැත් දුන්නා.. තව ගේන්නත් ඉන්නවා...