IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනතාව මුළා නොකර වරද පිළිගන්න’යි සල්මන්ට - අසිෆ්ට කි‍්‍රකට් ලොක්කා කියයි

තවදුරටත් ජනතාව මුලා නොකර කි‍්‍රකට් කී‍්‍රඩාවේ අල්ලසට එරෙහිව ගෙන යන සටනට සහයෝගය ලබාදෙන්න යයි අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිළධාරී ඬේව් රිචඞ්සන් මහතා, මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අපකීර්තියට පත්ව සිටින සල්මන් බට්, මොහොමඞ් අසීෆ් සහ මොහොමඞ් අමීර් යන පාකිස්තානු කී‍්‍රඩකයන් තිදෙනාට පවසයි.
තමන්ට විරුද්ධව පනවා ඇති දීර්ඝ කාලීන තරග තහනම සම්බන්ධයෙන් මෙම කී‍්‍රඩකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පිළිබඳව කී‍්‍රඩා ආරවුල් බේරුම්කාර මණ්ඩළයේ අවසාන දැනුම් දීම ප‍්‍රකාශයට පත්කරමින් රිචඞ්සන් මහතා එසේ පැවසීය.
වසර 2011 දී ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී හිතා මතාම නිපන්දු යැවීමේ චෝදනාවට වැරදිකරුවන් වීම නිසා පාකිස්තානු පිලේ හිටපු නායක සල්මන් බට් (අවු. 28), මොහොමඞ් අසීෆ් (අවු. 30) සහ මොහොමඞ් අමීර් (අවු. 21) තිදෙනාටම අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් තහනම් පනවන ලදි.

සල්මන් බට්ට වසර 10 ක තහනමක්ද මොහොමඞ් අසිෆ්ට වසර 7 ක් තහනමක් සහ මොහොමඞ් අමීර්ට වසර 5 ක තහනමක්ද පනවන ලදි. මෙම දඬුවම් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දණ්ඩනීති සංග‍්‍රහයට අනුව අවම දඬුවම් ලෙස සැලකේ.

මෙම කී‍්‍රඩකයන් තිදෙනාම, ඔවුන්ගේ නියෝජිතයා වූ මසාර් මජීඞ් නැමැත්තාද සමගින් එංගලන්ත අධිකරණයක් මගින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව සිරගත කරන ලදි. එහෙත් කී‍්‍රඩකයෝ තිදෙනා පසුගිය වසරේ නිදහස් කරන ලදහ.

සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් විසින් කරන ලද අභියාචනා ස්විට්සර්ලන්තයේ මූලස්ථානය පිහිටි කී‍්‍රඩා ආරවුල් බේරුම්කාර මණ්ඩළය විසින් පසුගියදා ප‍්‍රතික්‍ෂෙප කරන ලදි. තමන්ගේ වරද පිළිබඳව සමාව අයැද සිටි මොහොමඞ් අමීර් අභියාචනා ඉදිරිපත් කරන නොතිබිණ.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ මෙම කී‍්‍රඩකයන් තිදෙනා එක්ව ඔවුන් සතුව පවතින තොරතුරු අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය සමග බෙදාහදා ගත යුතු බවයි.

”මේ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් තොරතුරු රැසක් සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ් සතුව පවතින බව මට විශ්වාසයි. කී‍්‍රඩා පිටියෙන් මේ පිළිලය ඉවත් කිරීම සඳහා ඒ තොරතුරු අපට ඉතාමත් වැදගත් විය හැකියි” යයිද රිචඞ්සන් මහතා පැවසීය.

”මේ කී‍්‍රඩකයන් තිදෙනාට එරෙහිව පැවැති චෝදනා මේ වන විට තුන් පොළකින්ම තහවුරු වී අවසන්... පළමුව ස්වාධීන වූ දූෂණ මර්ධන ඒකකයේ පරීක්‍ෂණ වලින්..දෙවැනිව එංගලන්තයේ අපරාධ විමර්ශන අධිකරණයෙන්...අවසන් වශයෙන් කී‍්‍රඩා ආරවුල් බේරුම්කාර මණ්ඩළයෙන්...” යයි පැවසූ රිචඞ්සන් මහතා සල්මන් බට් සහ මොහොමඞ් අසිෆ් දෙදෙනා තමන්ගේ වරද පිළිගත යුතුව ඇතැයිද පැවසීය.

 



අදහස් (0)

ජනතාව මුළා නොකර වරද පිළිගන්න’යි සල්මන්ට - අසිෆ්ට කි‍්‍රකට් ලොක්කා කියයි

වරුණ Thursday, 25 April 2013 01:41 AM

මේ පසුපස සිටින්නේ බොදුබල සේනා. මන් අහන්නේ නැද්ද?(නදී)

:       0       0

හුමන් Thursday, 25 April 2013 01:25 PM

නිකන් මෝඩ කතා කියන්න එපා වරුණ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site