IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ජන සහන දෙකකට මුදල් කාරක සභා අනුමැතිය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු දෙකක් සහ යෝජනා සම්මතයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව  අනුමතිය ලබා දීම සිදුවිය.

මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එම සභාව රැස්විය.

ඒ අනුව, ගැබිනි මව්වරුන්ට පෝෂණ ආහාර පැකේජයක් ලබා දීමට අදාළව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව මෙහිදී සලකා බලන ලදී. සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම පිණිස අයවැය යෝජනා යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන භාවිතා කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

තවද, මහනුවර උතුරු පාතදුම්බර ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය සඳහා චීන EXIM බැංකුව විසින් නොගෙවූ බිල්පත් පියවීම සඳහා සහ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට අදාළව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව ද සාකච්ඡාවට ලක් කළ අතර, එම ඇස්තමේන්තු දෙකටම කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුමට අදාළ යෝජනා සම්මතය ද සාකච්ඡා වලින් පසුව කාරක සභාව විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ජන සහන දෙකකට මුදල් කාරක සභා අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 321 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16419 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 618 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site