IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජාජබ සහෝදරයෝ එලුවතිව් දූපතට

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

සහෝදරත්වය දිනය  වෙනුවෙන් යාල්දේවි දුම්රියෙන් යාපනය වෙත ගිය සමාජවාදී තරුණ සංගමයේ නියෝජිතයෝ (SYU)කයිට්ස් හි පිහිටි එලුවතිව් දූපතට ගියහ.

මෙහිදී  තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා දූපතේ පවතින ගැටලු පිළිබඳව  අවධානයක් යොමු කළේය. 

මෙම දූපතෙහි වෙසෙන ජනතාවට පවතින පානීය ජල ගැටලුව, ප්‍රදේශයේ  පාසල්වල අඩුපාඩු සහ ධීවර ජනතාව මුහුණ දී සිටින ගැටලු හා තරුණ ප්‍රජාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳව මෙහිදී  අවධානයක් යොමු කෙරුණි. මෙම දූපතේ පවුල් 210ක් ජීවත් වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. 

ප්‍රදේශවාසීන් සමඟ අදහස් හුවමාරු කරගත් එරංග ගුණසේකර මහතා  පැවසුවේ ප්‍රදේශවාසීන්ට පවතින ගැටළු  පිළිබඳව යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය  රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා  දැනුවත් කිරීමට කටයුතු කරන බවයි. 

උතුරට සංවර්ධන ව්‍යාපෘති රැගෙන ඒමට ආණ්ඩුව විසින් සැලසුම් කර ඇති බවත්, මේ වන විටත් බොහෝ ව්‍යාපෘති ආරම්භක අදියරයේ පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ජාජබ සහෝදරයෝ එලුවතිව් දූපතට

Nishantha Friday, 25 July 2025 10:21 PM

හැබැයි පන්සල අයින්කරන්න අයට අයිතියි කියලා කොටි සපෝටර්ල උද්ඝෝෂණය කරනකොට මොන සහෝදරයෙක්වත් යන්නේ නැහැ...

:       1       0

sugath Saturday, 26 July 2025 07:08 AM

හොඳ වැඩක්. හැබැයි ප්‍රභාකරන්ගේ ස්මාරකයි, එයාගේ අම්මාගේ නමට උත්සව ශාලයි හදන්න පොරොන්දු වෙලා එන්න එපා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site