මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයෙන් (සයිටම්) පිටවන සිසුන් වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කරන ලෙස ඉල්ලා ශිෂ්‍යාවක විසින් ගොනු කැරුණු රිට් පෙත්සමකට මැදිහත්ව පක්ෂ සහ විපක්ෂව කරුණු දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව 13ක ඉල්ලීම අභියාචනාධිකරණය ඉවත දැමීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ,රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මැදිහත් පාර්ශව ඉල්ලීම් කළේය.
සභාපති විජිත් මලල්ගොඩ හා ප‍්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරු මේ පෙත්සම විභාගයට ගත්හ.
උපාධිය ලැබූ ශිෂ්‍යාවක වන මල්ෂානි සුරවීර ආරච්චි විසින් මෙම පෙත්සම ගොනු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිය මතවාද ජනප්‍රිය කිරීම අරමුණු කර දේශපාලන තීන්දු තීරණ මත පසුගිය රජයන් ගත් තීරණ වලට අද වන්දි ගෙවන්නේ අසරණ සිසුන්. මෙවැනි ජාතික කර්තව්‍ය වල තීරණ විධිමත් කමිටු හා විද්වතුන්ගේ දැනුම හා උසාවි, නීතිපති මත හරහා තීන්දු තීරණ ඉදිරියේදීවත් ගන්නේ නම් මැනවි! (නි)
බටහිර වෙදකම් කිරීමට සුදුසුද කියලා බලන්න කට්ටියක් ඉන්නවා.හෝමියෝපති කරන්න සුදුසුද බලන්නත් කට්ටිය ඉන්නවා. ආයුර්වේදයටත් එහෙමයි. වෙන කාටවත්, නීති නියෝගයකටත් බැහැ කවුරුත් සුදුසුද නැද්ද කියන්න (නි)
මේ සංගම් පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීමට විරුද්ධ නම්, වසරකට සරසවි වලට ඇතුළුවීමට සුදුසුකම් තිබියදීත් ඇතුළත්වීමට බැරි වූ 80% ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට පැහැදිලි විකල්පයක් ඉදිරිපත් කළයුතුයි. එසේ නොකර මෙවැනි දේ වලට විරුද්ධ වීමෙන් සිදුවන්නේ තමන්ගේ අාත්මාර්ථකාමිකම ප්‍රදර්ශනය කර රටේ උගත් පරපුරක් බිහිවීම වැළැක්වීම පමණි. (නි)
මේවට ඇතුළු වෙන්නේ,සරසවි වලට ඇතුළුවීමට සුදුසුකම් තිබියදීත් ඇතුළත්වීමට බැරි වූ 80% වූ අය නොව උසස් පෙළ සමත් වත් නැති සල්ලි තියෙන අයගේ ළමයි .. සමහරු සාමාන්‍ය පෙළ විතරයි සමත්.... (බ)
ඔය දොස්තර සංගමයේ ඉන්න සාමාජිකයන්ට පුද්ගලික ප්‍රතිකාර තහනම් කළයුතුයි අවුරුදු ගණනක් අධ්‍යාපනය ලැබූ මෙම සිසුවියගේ ඉල්ලීම සාධාරණයි මේ සංගම් පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීමට විරුද්ධ නම්, වසරකට සරසවි වලට ඇතුළුවීමට සුදුසුකම් තිබියදීත් ඇතුළත්වීමට බැරි වූ 80% ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට පැහැදිලි විකල්පයක් ඉදිරිපත් කළයුතුයි. එසේ නොකර මෙවැනි දේ වලට විරුද්ධ වීමෙන් සිදුවන්නේ තමන්ගේ අාත්මාර්ථකාමිකම ප්‍රදර්ශනය කර රටේ උගත් පරපුරක් බිහිවීම වැළැක්වීම පමණි. (ර)
ඔය දොස්තර සංගමයේ ඉන්න සාමාජිකයන්ට පුද්ගලික ප්‍රතිකාර තහනම් කළයුතුයි. එමෙන්ම මොවුන්ගේ වෘත්තීය සුදුසුකම් මැනීම සඳහා අවුරුදු 10 න් 10ට මොවුන්ගේ දැනුම පරීක්ෂාවට ලක් කළයුතුයි (නි)
අවුරුදු ගණනක් අධ්‍යාපනය ලැබූ මෙම සිසුවියගේ ඉල්ලීම සාධාරණයි (නි)
ලබන වසරේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කීපයක් එනවා කියලා මට හිතෙනවා, කවුරු මොනවා කිව්වත් (නි)