(සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිටින්න ඕන ගල්ගුහා, හුඹස් සහ ගස් බෙනවල දැයි තමා ප්‍රශ්න කරන බව ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය
හඳුන්නෙත්ති මහතා මෙසේද ප්‍රකාශ කළේය.
ඒ වගේම මහා හොරකම් කරලා මත්කුඩු විකුණලා මුදල් හොයන එකද හොඳ. කාගෙන් හරි ඉල්ලගෙන ජීවත් වෙන එකද හොඳ. මේ දෙක තේරුම් ගන්න ඕන. වැදගත් වෙන්නේ දේශපාලනයෙන් සහ ජනතාව විකුණලා හරි හම්බ නොකර ජීවත් වෙන එක.
අපි දන්නවා. වසන්ත සමරසිංහ සහෝදරයා මුල ඉඳන් ටියුෂන් කරපු කෙනෙක්. තව එකක් දේපළ තිබුණ කෙනෙක්. ජනතාව අපේ නායකයන්ට උදව් කරනවා. අනිත් පක්ෂ වල අයට එහෙම නැති වුණාට අපිට කරන්න දෙයක් නෑ. මේක ඇත්තෙන්ම න්‍යායාත්මකව සංවාද කරන්න ඕන කාරණයක්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඔය කියන කාරණයන් ඔවුන්ට තේරුම් ගන්නවා තියා හිතාගන්නවත් බැහැ. ඒ තරමට ඔවුන්ගේ මහ එවුන් සහ පොඩි එවුන් මේ හොර බොරු වංචාවල ගිලී ජීවත් වෙන්නේ. මේ රටේ බහුතර ජනතාව ඔවුන්ට විටින් විට රැවටෙනවා තමයි. නමුත් දැන් දැන් ජනතාව තේරුම් අරගනිමින් ඉන්නවා.
ඔබතුමාට ඒකත් බිග් කුච්චන් එකක් නේද?
කවුරුවත් ගල් ගුහාවල ඉන්න ඕනෑ නෑ. හැබැයි තියන දේ ගැන නොකියා තමනුත් නිර්ධන පන්තියේ කියලා බොරුවට පෙන්නපු එක ගැන නම් න්‍යායාත්මකව කතා කරාට කමක් නෑ. ඒ වගේම ඔයාලාට පක්‍ෂ සාමාජිකයින් උදවු කරන එකත් හොඳයි. හැබැයි වැරැද්ද තියෙන්නේ කවුරු හරි අනික් පක්‍ෂවල අයට එහෙම උදව් කරන්න ගියාම ඔයාලා සහ මේ මාධ්‍යවල කොටන ඔයාලාගේ ගෝලයෝ ටිකයි මඩ ගහන එක ගැනයි. ඔයාලා කොහොමද දන්නේ අනික් පක්‍ෂවලට උදව් කරන අය විතරයි නරක ඔයාලට උදව් කරන හැමෝම හොඳයි කියලා. උදාහරනයක් ලෙස ගන්න අර පාස්කු ප්‍රහාරයෙදී අහුවුණු අර ඔයාලාගේ ජාතික ලයිස්තු සාමාජිකයා. එයා ඒ කාලේ හිටි ඇමැති කෙනෙක් හරහා හොරට අබලි හැටියට හොඳ බඩු ගත්තු කෙනෙක් බව එලිවුනා නේද? ඒ න්‍යාය අනුව ඔයාලාට උදව් කරන ඕන හොරෙක් හොඳයි. අනික් අයට උදව් කරන ඕන කෙනෙක් හොරු...
ජොනියට තියෙන ගෙවල්, හෝටල්, භාර්යාවන් ගණන ගැනත් හොයමුකෝ...!!!
මාර තියරි මෙව්වා. බිග්ම කුස්චන් එකක්. අනිත් මිනිස්සු ව්‍යාපාර කළොත් ඔවුන් හොරු. එත් සහෝදරයෝ කළොත් එව්වා සාධාරණ බිස්නස්... කෝටි 50ක් විතර වත්කම් තියෙන එකෙක් කියනවා... ඇහෙට්ට ගියාම පොල් හම්බෙනවා මෙහෙට්ට ගියාම කරෝලා හම්බෙනවා... ඔක්කොම ෆ්‍රී. එක හින්දා අපට සල්ලි තියෙන ඒක සාධාරණයි. අනේ මොවුන්ටනේ අපේ ගොන් තඩි රැවටුනේ. තවමත් රැවටෙනවා...
ඕක අපෙන් නොවේ කන්නාඩිය ඉස්සරහට ගිහින් තමුන්නාන්සේගෙන්ම ඇහුවා නම් හරි. මොකද පහුගිය කාලේ තමුන්ලා වපුරපුවා තමා නෙලන්න ලැබෙන්නේ.
ගල්ගුහාවල ඉන්න ඕන නෑ. මාලිගාවල ඉන්න. ඒත් තමන් නිර්ධනයි, යට ඇඳුමත් අනුන්ගෙන් ඉල්ලගෙනයි අඳින්නේ වගේ පට්ටපල් බොරු කියන්න එපා. බොරුව එළිවුණාම රෙදි ගැලවෙනවා...
නැත. කිසිසේත්ම නැත. නමුත් ජනතාව තුළ එවන් මනසක් ඇති කිරීමට තමුන්නාන්සේ ද සැලකිය වැඩ කොටසක් ඉටු කළේය. තමන් කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ මෙන්ම තමුන් නඩත්තු කරන්නේ හිතවතුන් විසින් බව පුන පුනා කීවේ ඔබත් ඇතුලු ජවිපෙ නායකයන්ය. දැන් එය එසේ නොවන බවට ඔප්පු වෙමින් යන කොට ජවිපෙ නායකයින් සිටිය යුත්තේ ගල්ගුහාවල දැයි ජනතාවගෙන් ඇසුවාට වැඩක් නැත...
නෑ නෑ , ඔයගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ උමා ඔයේ හිල ඇතුලේ !
ගල් ගුහාවලුත් හොද වැඩියි ජෙප්පන්ට...
ඔබලාගේ පරණ තියරි එක අනුව කෝටි 4-5 තිබෙන මුදලාලි කෙනෙක් දනේශ්වර පුද්ගලයෙක්, නමුත් කොටි 30-40 තිබෙන ඔබලාගේ පැත්තේ කෙනෙක් ළග සල්ලි තිබුණාට කමක් නැහැ. බලාගෙන ගියාම කරපු රැකියාවක් නැති වුණාට ඒ ගොල්ලන් මුදල් උපයාගෙන තිබෙන්නේ නිකන් දෙන, කරවල කූරියෝ, කෙසේල්කන් විකුණලා, ඉදිරියට දේශපාලන වේදිකාවල ධනේශ්වර පන්තියට බැන්නොත් මිනිස්සු හූ කියාවි ඉස්සර වගේ අත්පුඩි ගහන එකක් නැහැ.
ඉස්සා බිග් කුච්චන් එකක්, පසුගිය වසරේ පීඩිත පන්තිය නියෝජනය කරමින් ධනපතියන්ට වේදිකාවල බැන වැදුණු සහෝදරවරු එක පාරටම, කෝටි 20-30 තිබෙන කෝටිපතියන් වුණු ආකාරය..
Essa big kuchchan