
(සුජිත් හේවාජුලිගේ )
ලබන වර්ෂය සඳහා ඡන්දදායක සංගණනය පෙබරවාරි 1 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසයි.
මේ සංගණනයේදී පෙර වසරවල මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බව එම සංවිධානය සඳහන් කරයි.
නිලධාරීන් සංචාරය කරන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ Aa ලැයිස්තු යාවත්කාලීන කිරීමට අදාළ නිවාස සඳහා පමණක් බව සඳහන් වේ.
එමෙන්ම ඡන්දදායක තොරතුරු රැස්කළ යුතු නිවාස වෙත පමණක් සංචාරය කරනු ලබන බවද පැෆ්රල් සංවිධානය පවසයි.
දේශපාලන පක්ෂ නියෝජිතයන්ට සංගණනය පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර තොරතුරු රැස් කිරීමෙන් පසු ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳ නිලධාරීන්ගේ නිර්දේශද නිරීක්ෂණය කළ හැකිවේ.
අක්‍රමිකතා නිරීක්ෂණය වුවහොත් නියෝජිතයන්ට සංගණන නිලධාරියාට ලිඛිතව දැනුම්දිය හැකි බවත් එවැනි නිවේදනයක පිටපතක් අදාළ දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර කොමසාරිස් වෙත වහාම යොමු කළ හැකි බවත් පැෆ්රල් සංවිධානය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
591
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දදායක සංගණනය පෙබරවාරි 01 සිට