IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


චමලුත් ළඟදීම අල්ලස් කොමිසමට?


(සුජිත් හේවාජුලිගේ)

දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන චමල් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඔහු කොමිසමට කැඳවා   ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයිද එම ආරංචි   මාර්ග සඳහන් කළේය.

තමන්ට අයත් නොවන දේපළක්  අරගල සමයේදී විනාශ වී යැයි පවසමින්  රුපියල් කෝටියකට වැඩි වන්දියක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මේ අතර වෙනත් දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුගේ පුත්‍ර ඌව  පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන්ද ඉකුත් 5 වැනිදා  ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනිණ.

විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු දේශපාලනඥයන් විස්සකට ආසන්න පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම මේ දිනවල විමර්ශන ආරම්භ කර ඇත.

 

 



අදහස් (5)

චමලුත් ළඟදීම අල්ලස් කොමිසමට?

කපුරුහාමි Sunday, 08 June 2025 02:44 PM

පව්ල් පාලන ආණ්ඩුවේ අය ඔක්කෝම පට්ට හොරු. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම කාබාසීනියා කෙරුවා. ආර්තික ඝාතකයෝ කියලා ලෝකෙම දන්නවා...

:       4       20

සෙනෙවිරත්න Sunday, 08 June 2025 03:35 PM

අනුන්ගේ නමට තියෙන සාමාන්‍ය ඉඩමක මඩුවක් ගෙයක් කරලා ගිනිතිබ්බා කියලා කෝටි එකහමාරක වන්දියක් අරගෙන, මරු බඩු. කෝ මේ යෝගා අසේල එන්න හෝදන්න....

:       0       9

swene Sunday, 08 June 2025 03:55 PM

රට බේරාගත් රජ පවුල් කොහොමද පට්ට හොරු වුනේ? මේවා දේශපාලන පළිගැනීම් කියලත් කියාවි..!

:       0       8

Pradeep Kumara Sunday, 08 June 2025 05:06 PM

චමල් විතරක් නෙමෙයි, අනිත් අයත් බලාගෙන ඉන්න තමන්ගේ වාරය එනකල්. සතර මහා නිරයවල් වල යමපල්ලෝත් බලාගෙන ඉන්නේ මෙහෙන් නිදහස් වෙලා එහෙට එනකල්...

:       0       1

Pankumburage Sunday, 08 June 2025 05:31 PM

මේ අය නම් පරම්පරාගත කම්බ හොරු...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 565 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 479 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site