IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චොපරය වැට උඩ

නෝර්වේ රාජ්‍යයේ අදිවේගී මාර්ගයක සිදුවූ මාරක රිය අනතුරකින් එක් පුද්ලපයකු බරපතල තුවාල ලැබීය.

ජීවිතයත් මරණයත් අතර සටනක නියැලුන ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරයකු  විගස එම ස්ථානයට රැගෙය ආ යුතු විය.

කිලෝමීටර කිහිපයක් දුරින් පිහිටි රෝහලක සිට ඉහළට නැඟුණු හෙලිකොප්ටරයකින් වෛද්‍යවරයා තුවාලකරු සොයා ගියේය.

නියමිත ස්ථානයට ළඟා වූ හෙලිකොප්ටර් යානයේ නියමුවා විශාල ප්‍රශ්නයකට මුහුණ පෑවේය.

යානය නවතා වෛද්‍යවරු බැස්සවීමට තරම් ස්ථානයක් එහි නොවීය.

කළ හැකි අන් දෙයක් නොහැති වූයෙන් හෙලිකොප්ටර් යානය මාර්ගයේ ආරක්ෂිත වැට උඩට සමබරව නවතා තැබූ නියමුවා වෛද්‍යවරයාට එයින් බැසීමට සැලැස්වීය.

 



අදහස් (0)

චොපරය වැට උඩ

ගාමිණී-සිරි Friday, 03 May 2013 01:14 PM

අපේ අධිවේගී මාර්ගයේ පසුගිය කාලයේ සිදු වූ රිය අනතුරු ගැන සාපේක්ෂව බලන කල ,මෙවෙනි චොපර් පහක් ,හයක්වත් ඉදිරි කාලයේදී වෙන්කර තියන්න වෙයි වගේ ! (නි)

:       0       0

ගිම්හාණී Saturday, 04 May 2013 10:23 AM

සහතික ඇත්ත දම්මික ඔයාගේ කටේ රත්තරන් දාන්න වටිනවා.(නදී)

:       0       0

තාරක වීරසේකර Friday, 03 May 2013 01:28 PM

ආදර්ශවත් වෛද්‍යවරයෙක් සහ ආදර්ශවත් ගුවන් නියමුවෙක්. අපේ අයත් මේ අයව ආදර්ශයට ගන්න. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 03 May 2013 08:02 PM

ලාල්, නොමිලේ බෙහෙත් ගන්න අවශ්‍ය නම් රජයේ රෝහලකට යන්න. යුද්ධ කාලයේදී අප්‍රසිද්ධව හමුදා කූඩාරම් වල බූරු ඇඳන් වල නිදාගත්ත ප්‍රසිද්ධ වෛද්‍යවරු සිටියා. ඔබ ඔබේ රැකියාව කරන්නේ 'පින් පිනිසද'?(නදී)

:       0       0

අමිල Friday, 03 May 2013 01:46 PM

දොස්තරට දුන්න ඒප්‍රන් එක නුසුදුසුයි කියලා වර්ජන කරන දොස්තරලා ඉන්න අපේ රටේ අපිට මේවා මැජික් නේද? (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Friday, 03 May 2013 01:52 PM

නියමයි.... (නි)

:       0       0

ශ්‍රියා Friday, 03 May 2013 02:17 PM

රියදුරුගේ දක්ෂකම තමයි (දී)

:       0       0

ලාල් Friday, 03 May 2013 02:22 PM

අපේ රටේ නම් මුලින්ම දොස්තරට සල්ලි ගෙවලා කොලේ අරගෙන එන්න කියාවි. (නි)

:       0       0

වරුණ Friday, 03 May 2013 02:44 PM

දක්ෂ පයිලට් කෙනෙක්. එච්චරයි මට කියන්න තියෙන්නේ (නි)

:       0       0

අනුර Friday, 03 May 2013 02:52 PM

මෙන්න නියම වැඩ (නි)

:       0       0

නිලංක Friday, 03 May 2013 09:57 PM

රුසිත්ගේ අදහසට මමත් එකඟයි. නමුත් දැන් ඉන්න දොස්තරලා ඒ දවස්වල හිටපු අය නෙවෙයි නේ. ඒකයි ඇත්ත තත්වේ ලංකාවේ.(නදී)

:       0       0

අනුර Friday, 03 May 2013 03:05 PM

තමන්ගේ වගකීම, රැකියාව හොඳින් හදුනන නියමුවෙක්. පොතට වහල් නොවී වැඩ කරන උගත් පිරිසක් අපේ රටටත් අවශ්‍යයි. (නි)

:       0       0

චාමි Friday, 03 May 2013 03:25 PM

අනුර , මම දැකපු හොදම අදහස.... (නි)

:       0       0

සම්පත් Friday, 03 May 2013 03:25 PM

ඉතාම හොදින් තමන්ගේ රාජකාරිය කරන නියමුවෙක් සහ වෛද්‍යරයෙක් (නි)

:       0       0

අමිල Friday, 03 May 2013 03:27 PM

අපි බලාපොරොත්තු වුණා ඔයිට වැඩිය දෙයක් අපේ පාඨකයෝ කියයි කියලා (නි)

:       0       0

අමිල Friday, 03 May 2013 03:28 PM

වරුණ, අපි බලාපොරොත්තු වුණා ඔයා ඔයිට වැඩි දෙයක් කියයි කියලා (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 03 May 2013 03:32 PM

මේ වගේ දක්ෂකම් අහන්නත් පින්කරන්න ඕනෑ. (නි)

:       0       0

මොහිදීන් Friday, 03 May 2013 03:47 PM

මෙන්න බලාගන්න මිනිස්සු සහ වැඩකාරයෝ (නි)

:       0       0

දම් Friday, 03 May 2013 04:21 PM

දැන් අපිට මේ වගේ දෙයක් බලන්න තව කොච්චර කාලයක් යාවිද? අනුන්ගේ ඒවා බලලා,අහලවත් සැනසෙමු. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Friday, 03 May 2013 04:53 PM

ත්‍රස්ත වෙඩි වරුසා මැද හෙලිකොප්ටර් යානා බස්සලා ජීවිත බේරාගත් ශ්‍රී ලාංකික නියමුවන්ට වඩා දක්ෂයෝ ගැන අහලවත් තියෙනවද? එසේනම් ඒ හොලිවුඩ් චිත්‍රපටවල පමණයි. (නි)

:       0       0

ජ.හේරත් Saturday, 04 May 2013 04:32 AM

කළ නොහැක්කක් නොමැත. අපේ රටෙත් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ සියලුම ගුවන් නියමුවන්ටද මෙය උපහාරයක් වේවා. ඔබ නියම වීරයෙක් (නි)

:       0       0

අපොන්සු Friday, 03 May 2013 05:09 PM

චැනල් කරලද දොස්තර අල්ල ගත්තේ? (නි)

:       0       0

නන්දනී සුබසින්ග්හේ Saturday, 04 May 2013 05:20 AM

මෙහේ තියෙන පහසුකම් තව අවුරුදු පනහකටවත් අපට ලැබෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සිරි Tuesday, 07 May 2013 07:38 AM

ඔන්න පයිලට්ලා! (නි)

:       0       0

මංජුල Saturday, 04 May 2013 07:16 AM

මේ වගේ පහසුකම් අපිට ලැබෙනකන් කියලා අඩනවා. මත්තල ගුවන්තොට හැදුවට බනින බැනිල්ල.... ඇත්තට අපි ලංකාවේද? (නි)

:       0       0

රුසිත් Friday, 03 May 2013 06:08 PM

ලාල්,අමිල, තිස් අවුරුදු යුද්දෙදි ,වෙලාව නොබලා රණවිරුවන්ව ප්‍රතිකාර කරපු හැටි සහ බෝම්බ වලින් තුවාල වුනු පිරිසට ප්‍රතිකාර කළ හැටි අමතකද? රණවිරුවන් ළඟට වැඩිම නිහඬ සේවයක් යුද්දේ වෙනුවෙන් කලේ දොස්තරලා.පිටරට ඒවාට ආවඩන්නත් ,අපේ සේවය පහත කරන්නත් ඉස්සෙල්ලා ඒවා මතක් කර ගත්තොත් හොඳයි. (නි)

:       0       0

ධම්මික Friday, 03 May 2013 06:09 PM

එංගලන්තේ ඉන්න ලංකාවේ දොස්තර මහත්වරු තරම් ලෝභ, ආගමට දහමට සළකන්නේ නැති (නො)මිනිස්සු ජාතියක් මම වෙන කොහෙවත් දැකල නැහැ. ආයෙත් කියනවා, හැමෝම නෙමෙයි, නමුත් බොහොමයක් අය එහෙමයි. (නි)

:       0       0

ඉන්දික Monday, 06 May 2013 11:36 AM

මේවා පහසුකම් මත වන දේවල් නෙවෙයි වුවමනාව මත ඇති කර ගත් විශ්වාසය තුලින් භාරගත් අභියෝගාත්මක ක්‍රියාත්මක වීමක්. දක්ෂ නියමුවෙක් මෙන්ම සුපිරි වැඩ්ඩෙක් .(නදී)

:       0       0

පැතුම් Friday, 03 May 2013 12:49 PM

අධිවේගයේ සේවය මොනතරම් අධිවේගද ? (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 03 May 2013 01:01 PM

මේකෙ රියදුරා ලාංකිකයෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

වික්‍රම Friday, 03 May 2013 01:06 PM

වැටේ අලාභය අයකර ගන්නේ කාගෙන්ද? අනතුරට පත් අයගෙන් ද? වෛද්‍යවරුන්ගෙන් ද? යානයේ නියමුවාගෙන් ද? (නි)

:       0       0

සරත් Friday, 03 May 2013 01:06 PM

දක්ෂ නියමුවෙක්. මගේ ප්‍රණාමය. (නි)

:       0       0

රූපා Friday, 03 May 2013 01:07 PM

නියමුවා දක්ෂයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site