ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් දිල්ලි නුවරදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරග දෙක මැයි මස 21 සහ 22 චෙන්නාහිදී පැවැත්වීමට නියමිත තිබිණ.
තමිල්නාඩු ප‍්‍රාන්ත දේශපාලඥයන්ගේ විරෝධතා හේතුවෙන් චෙන්නායිහිදී පැවැත්වෙන තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සහභාගි වීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව අවධානය යොමු කරමින් අයි. පී. එල්. සංවිධායකයෝ මෙම තීරණය ගෙන තිබේ.
ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර තරගය මැයි මස 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගයෙන් ජයග‍්‍රහණය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ලීග් තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගය මැයි මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.
තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු සහ දෙවැනි ස්ථාන අතර තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර මැයි මස 24 වැනිදා කොල්කටාහිදී පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
අයි. පී. එල්. සංවිධායකයන් සහ තමිල්නාඩු ප‍්‍රාන්ත රජය අතර මේ මස 22 වැනිදා පැවැති සාකච්ඡවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතා හේතුවෙන් මේ දක්වා චෙන්නායිහිදී පැවැති තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි නොවූ අතර චෙන්නායි පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය මේ දක්වා චෙන්නායි පිලට එකතු නොවූහ.
(●●)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන්ගේ දේශයට අත තියන අයට ගින්දර අතළග (නි)
රොහාන් මෝඩ කතා කියන්න එපා. අපට ජයලලිතාට විරුද්ධව සටන් කළ නොහැක (නි)
මත විමසුම අනුව ජයලලිතා වැරදියි කියන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ඉතාම සුළු ගණනක්. ජයලලිතා වැරියි කියන ගණන අඩු නිසා තමිල්නාඩුව හිතනවා ජයලිතා හරි කියලා හිතන ශ්‍රී ලාංකිකයන් ගොඩක් ඉන්නවා කියලා.... කරුණාකර අවධානය දෙන්න. (නි)
අනේ කරුණකරලා අපේ අයට ගෙවන මුදල ගෙවලා හැකි ඉක්මනින් ගෙදර එවන්න. (නි)
සුබ්‍රමනියම්, තමිල්නාඩුව කියන්නේ අපිට නම් කුණු ගොඩක්. (නි)
කොන්ද පන නැති ක්‍රිකට් පරිපාලනයේ ඉන්නකම් කෙනහිලි වලට ලක්වීම නවතින්නේ නැහැ. 95 දී ඔස්ට්‍රේලියා සංචාරයේ මුරලි වෙනුවෙන් අර්ජුනගේ ඉදන් සියලු දෙන කොන්ද කෙලින් තියන් වැඩ කරා කෝ අද ඒ තත්වය තියෙනවද? (නදී)
කොහෙද යන්නේ මල්ලේ පොල්. ප්‍රවෘත්තිය එකක් අදහස් දක්වලා තියෙන්නේ තව එකක් (නි)
බලාගෙන එන්න එයාර් පෝර්ට් එකෙන් එද්දී (නි)
හිතට හරියන නායකයෙක් තම අපි දැකලා නැහැ අර්ජුනගෙන් පස්සේ. (නි)
ලංකාවේ ක්‍රීඩකයන්ගේ වටිනාකම තේරෙනවා නේද දැන්? (නි)
අපේ අයව අවසාන තරග වලට දන්නා අපේ අයගේ සුදුසුකම් මොනවද මේ දක්වා පෙන්නුවේ. මේ තරග වාරයේ තවත් සවුත්තු වෙන්නේ නැතිව ඉක්මනට ගෙදර එන්න.ඔබ එනතුරු අපි බලා සිටුමු.(නදී)
පමා වී හෝ ගත් වැදගත් තීරනයක් (ස)
ජයලලිතා වැරදියි කියන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ඉතාම සුළු ගණනක්. ජයලලිතා වැරියි කියන ගණන අඩු නිසා තමිල්නාඩුව හිතනවා ජයලිතා හරි කියලා හිතන ශ්‍රී ලාංකිකයන් ගොඩක් ඉන්නවා කියලා.... කරුණාකර අවධානය දෙන්න. (නි)