IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චෙන්නායිහි පැවැත්වීමට නියමිත තීරණාත්මක තරග දෙකක් දිල්ලියට

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් දිල්ලි නුවරදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරග දෙක මැයි මස 21 සහ 22 චෙන්නාහිදී පැවැත්වීමට නියමිත තිබිණ.

තමිල්නාඩු ප‍්‍රාන්ත දේශපාලඥයන්ගේ විරෝධතා හේතුවෙන් චෙන්නායිහිදී පැවැත්වෙන තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සහභාගි වීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව අවධානය යොමු කරමින් අයි. පී. එල්. සංවිධායකයෝ මෙම තීරණය ගෙන තිබේ.

ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර තරගය මැයි මස 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගයෙන් ජයග‍්‍රහණය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ලීග් තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගය මැයි මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු සහ දෙවැනි ස්ථාන අතර තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර මැයි මස 24 වැනිදා කොල්කටාහිදී පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

අයි. පී. එල්. සංවිධායකයන් සහ තමිල්නාඩු ප‍්‍රාන්ත රජය අතර මේ මස 22 වැනිදා පැවැති සාකච්ඡවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා හේතුවෙන් මේ දක්වා චෙන්නායිහිදී පැවැති තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි නොවූ අතර චෙන්නායි පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය මේ දක්වා චෙන්නායි පිලට එකතු නොවූහ.
 

(●●)

 



අදහස් (0)

චෙන්නායිහි පැවැත්වීමට නියමිත තීරණාත්මක තරග දෙකක් දිල්ලියට

සුනිල් Tuesday, 30 April 2013 05:33 AM

බුදුන්ගේ දේශයට අත තියන අයට ගින්දර අතළග (නි)

:       0       0

සුබ්‍රමනියම් Monday, 29 April 2013 07:31 AM

රොහාන් මෝඩ කතා කියන්න එපා. අපට ජයලලිතාට විරුද්ධව සටන් කළ නොහැක (නි)

:       0       0

රොහාන් Monday, 29 April 2013 01:10 PM

මත විමසුම අනුව ජයලලිතා වැරදියි කියන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ඉතාම සුළු ගණනක්. ජයලලිතා වැරියි කියන ගණන අඩු නිසා තමිල්නාඩුව හිතනවා ජයලිතා හරි කියලා හිතන ශ්‍රී ලාංකිකයන් ගොඩක් ඉන්නවා කියලා.... කරුණාකර අවධානය දෙන්න. (නි)

:       0       0

රොහාන් Monday, 29 April 2013 07:38 AM

අනේ කරුණකරලා අපේ අයට ගෙවන මුදල ගෙවලා හැකි ඉක්මනින් ගෙදර එවන්න. (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 08:44 AM

සුබ්‍රමනියම්, තමිල්නාඩුව කියන්නේ අපිට නම් කුණු ගොඩක්. (නි)

:       0       0

වරුණ Monday, 29 April 2013 09:22 AM

කොන්ද පන නැති ක්‍රිකට් පරිපාලනයේ ඉන්නකම් කෙනහිලි වලට ලක්වීම නවතින්නේ නැහැ. 95 දී ඔස්ට්‍රේලියා සංචාරයේ මුරලි වෙනුවෙන් අර්ජුනගේ ඉදන් සියලු දෙන කොන්ද කෙලින් තියන් වැඩ කරා කෝ අද ඒ තත්වය තියෙනවද? (නදී)

:       0       0

රොෂාන් සෞදි Tuesday, 30 April 2013 10:41 AM

කොහෙද යන්නේ මල්ලේ පොල්. ප්‍රවෘත්තිය එකක් අදහස් දක්වලා තියෙන්නේ තව එකක් (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 29 April 2013 03:40 PM

බලාගෙන එන්න එයාර් පෝර්ට් එකෙන් එද්දී (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 29 April 2013 11:24 AM

හිතට හරියන නායකයෙක් තම අපි දැකලා නැහැ අර්ජුනගෙන් පස්සේ. (නි)

:       0       0

චමින්ද Monday, 29 April 2013 11:40 AM

ලංකාවේ ක්‍රීඩකයන්ගේ වටිනාකම තේරෙනවා නේද දැන්? (නි)

:       0       0

යොහාන් Monday, 29 April 2013 12:20 PM

අපේ අයව අවසාන තරග වලට දන්නා අපේ අයගේ සුදුසුකම් මොනවද මේ දක්වා පෙන්නුවේ. මේ තරග වාරයේ තවත් සවුත්තු වෙන්නේ නැතිව ඉක්මනට ගෙදර එන්න.ඔබ එනතුරු අපි බලා සිටුමු.(නදී)

:       0       0

වසන්ත Sunday, 28 April 2013 04:54 PM

පමා වී හෝ ගත් වැදගත් තීරනයක් (ස)

:       0       0

රොහාන් Monday, 29 April 2013 04:58 AM

ජයලලිතා වැරදියි කියන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ඉතාම සුළු ගණනක්. ජයලලිතා වැරියි කියන ගණන අඩු නිසා තමිල්නාඩුව හිතනවා ජයලිතා හරි කියලා හිතන ශ්‍රී ලාංකිකයන් ගොඩක් ඉන්නවා කියලා.... කරුණාකර අවධානය දෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site