අයි. පී. එල්. තරගාවලියේ 34 වැනි තරගය ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද (25 වැනිදා) පැවති තරගයේදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල පරදවා කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංග්ස් පිල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් පන්දු 37 කදී ලකුණු 67 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ද සමගිනි.
නොදැවී ලකුණු 44 ක් ලබා සිටි සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලේ ශිකාර් ධවාන්ට 13 වැනි ඕවරයේදී ඞ්වේන් බ‍්‍රාවෝ යැවූ පන්දුවක් වැදීම හේතුවෙන් තාවකාලිකව පිටියෙන් ඉවත්වීමට සිදුවූ නමුත් ඩැරන් සැමීගේ දැවීයාමත් සමග නැවති පිටියට පැමිණි ඔහු තම ලකුණු ප‍්‍රමාණය 63 ක් දකවා ඉහළ දමාගැනීමට සමත්විය. පන්දු 45 කින් රැුස්වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත්විය.
මෙම තරගයටද සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාර සහභාගී නොවීය.
සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 6 කට ලකුණු 159
(ශිකාර් ධවාන් නොදැවී 63, අමීත් මිශ්රා 15, තලෙයිවන් සර්ගුණම් 10, ඩැරන් සැමී 19, අශීෂ් රෙඞ්ඩි 36, මෝහිත් ශර්මා 33/2, ඞ්වේන් බ‍්‍රාවෝ 37/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 19.4 කදී කඩුලූ 5 කට 160
(මයිකල් හසී 45, මුරලි විජේ 18, සුරේෂ් රයිනා 18, මහේන්ද්‍රසිං දෝනි නොදැවී 67, අමීත් මිශ්රා 26/2)
(**)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වැඩ නරකද ආත්ම ගරුත්වය තියාගෙන නොගිහින් හිටියා නම් ? (නි)
සංඟා කියලා තිබුනේ තමිල් නාඩුව ඉන්දීය එක ප්‍රාන්තයක් විතරයි. අනිත් ප්‍රාන්තවල හොඳ පිලිගැනිමක් තියනවා කියලා. දැන් දැන් හයිද්‍රබාඩ් වල හොඳ පිලි ගැනීමක් තියන හින්ද වෙන්ඩ ඇති සංඟා හිටිය හෝටලය ළඟ පෙළපාලි ගියේ.(නදී)
දැන් මාසයක් තිස්සෙ අහන්න ලැබුනු දේවලින් මෙයාලව එපා වෙනවා (නි)