IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ගිලුණු නැවෙන් පරිසරයට වූ පාඩුව සොයන්න විශේෂඥ කමිටු පහක්

 

(සුජිත් හේවාජුලිගේ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් වූ විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටු පහක් කමිටු 5ක් පත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. .

විවිධ ක්ෂේත්‍ර සහ අංශවලට සිදු වූ පාඩු හා අලාභ වෙන වෙනම තක්සේරු කිරීම සඳහා මෙම කමිටු පහ පත්කළ බව ද ඇමතිවරයා සඳහන් කරයි.

මෙයට අමතරව නෞකාව අයත් සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නීතිමය ක්‍රියාවලිය සඳහා නීතිපතිවරයාට සහය දැක්වීමට දමෙම කමිටු පහ ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇත.

මෙම කමිටු පහ සිය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත .

මේ අතර නෞකාවේ සුන්බුන්වලින් පරිසරයට සිදු වූ පාඩුව මිල කළ නොහැකි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා පැවසීය .

 



අදහස් (9)

ගිලුණු නැවෙන් පරිසරයට වූ පාඩුව සොයන්න විශේෂඥ කමිටු පහක්

Hafeel Saturday, 12 June 2021 01:05 PM

පරිසර ඇමති මහින්ද අමරවීර කියන්නේ පරිසරයට වෙච්ච හානිය මිල කළ නොහැකියි කියලා. දැන් මෙයා කියනවා මේ පාඩුව තක්සේරු කරන්න කමිටු පහක් පත්කරලයි කියලා... ඉතින් මේ ගැන මොනවා කියන්නද..? අපේ රටේ ඉතිහාසයේ මේ කමිටු, කොමිසම් සභාවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මුදල් නාස්ති පමණයි. ශ්‍රී කොතට කාපට් දැම්මටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කමිටුවක් පත් කළා නේද? මොකද වුනේ..?

:       65       261

gamageSaturday, 12 June 2021 03:10 PM

පහක් හොදටම මදි 7ක්8ක් වත් තිබ්බේ නැතන් මට නින්ද යන්නැ

:       11       130

හේරත්Saturday, 12 June 2021 03:46 PM

කමිටු පහකින් වැඩේ හොඳටම කරන්න පුලුවන් අති නොවැ..! අපි මේ නිකං ගමේ ගොඩේ මිනිස්සුනේ ආයුබෝවන්..!!! මෙතුමා මේ කියන දේවල් අපිට තේරෙන්නේ නැහැ! එතුමා මහා වියතෙක් නොවැ..!

:       8       126

Lalith m Saturday, 12 June 2021 01:35 PM

ඔව් ඒක හොඳයි. කමිටු වාර්තාව එනකොට ආණ්ඩුවේ කාලේ ඉවර වෙලා තියෙයි. කමිටු සාමාජිකයන් ජීවත් වෙන්නත් ඕනෑනේ...

:       14       123

Dhammika Saturday, 12 June 2021 01:37 PM

නැවේ ගින්නක් තියෙනවා කියලා දැනගත්ත මොහොතේම ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇදගෙන ගිහින් දැම්මානම් ඉවරයිනේ. ගින්න වැඩි වෙනකම්ම හිටියා අදින්න. දැන් කමිටු 5ක් දාලා අරවා මෙව්වා හොයන්න. ඒවායේ අයගේ වියදම්වලටම මදිවෙයි හම්බවෙන වන්දියත්... හැම එහෙකටම කමිටු... ඒවායින් වුණු දෙයක් නම් තාම නෑ. ඔයාලත් කොටාගෙන යන්න බලන්න එහෙම මතක කමිටු කීපයක්...

:       14       163

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 12 June 2021 01:41 PM

මේ අලි සබ්රිලා අමරවීරලා මේ වෙච්ච විනාශය ගැන කොහොම තක්සේරුවක් කරන්නද? විහිළු කතා...

:       16       174

ගගන Saturday, 12 June 2021 01:49 PM

කමිටු පහේ ඈයෝ එකට එක්කහුවෙලා අරින ඈනුම් සහ වාතවලින් වන පරිසර හානිය මීට වඩා ලොකුවෙයි

:       15       139

firda Saturday, 12 June 2021 05:12 PM

කමිටු මොකටද? මගේ ලස්සන රට මේ රාජපක්ෂලා කාලාම දැම්මා. අපේ මුහුදු පිරිසිදු වෙන්න අවුරුදු 5කට වඩා වැඩියෙන් යාවි... සොබාදහමම පඩිසන් දේවි...

:       10       179

Sri Lanka Saturday, 12 June 2021 05:12 PM

නැවෙන් වූ පාඩුවට වඩා පාඩුවක් ඔය කොමිටි 05 දැම්මොත්... කළින් කේස් වලට දාපු කොමිටිවල ප්‍රගතිය කෝ... අපේ සල්ලි කෑවා..

:       9       122

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 17 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 25 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 81 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 640 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 589 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 291 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 327 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site