(මනෝප්රිය ගුණසේකර)
නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු චෝදනාවන් කියවා දීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ අධක්ෂවරුන් උසාවියට කැඳවන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද නියම කළාය.
නේවාසික රෝගියකුට වැඩිමිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයන් ප්රතික්ෂෙප කළ මහේස්ත්‍රාත්වරිය චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය.
විත්තිකාර පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට එරෙහි චෝදනා පත්‍ර බාරදීමට මීට පෙර අවස්ථාවක අධිකරණය සුදානම් වු අවස්ථාවේදී මෙම නඩුව පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව බවටත් එම නඩුව මෙම අධිකරණයේ පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවටත් විත්තිකාර පෞද්ගලික රෝහල සහ එහි අධක්ෂවරුන් වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා මුලික විරෝධතාවයන් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ මුලික විරෝධතාවයන් ප්රතික්ෂෙප කළ මහෙස්ත්‍රාත්වරිය චෝදනාවන් කියවාදීම සඳහා අදාළ පෞද්ගලික රෝහලේ අධක්ෂවරුන් උසාවියට කැඳවීමට නියම කළාය.
එලෙස අධිකරණයට කැඳවන ලද්දේ අදාළ පෞද්ගලික රෝහලේ අධක්ෂවරුන් වන අශෝක පතිරගේ. මංජුල කරුණාරත්න. සුදර්ශන් අහංගම, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න, ඉන්දියානු ජාතිකයින් වන විශාල් බාලී. අන්තූර් නාන්ද් තදානි සහ අදාළ පෞද්ගලික රෝහලේ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු නමැත්තන්ය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ පෞද්ගලික රෝහලේ අධක්ෂවරුන් කිසිවකුත් අධිකරණයේ පෙනී නොසිටි අතර පෞද්ගලික රෝහලේ නියෝජිතවරයකු සහ සේවිකාවක් වන බී.ඩී. සඳතිසරු මහත්මිය පමණක් අධිකරණයේ පෙනී සිටියහ.
නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෙකා්රල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කරන ලද පැමිණීල්ලකින් අනතුරුව ජාතික ඖධෂ නියාමන අධිකාරියේ ආහාර ඖධෂ පරීක්ෂක මහින්ද සිරිකුමාර මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සැමට සමාන බව ක්‍රියාවෙන් පෙන්වීමට අවස්ථාවක්....
සමහර පුද්ගලික රෝහල්වල ඉන්න අය ලෙඩ්ඩු ගසාකන බව අපි අත්දැකිමෙන් දන්නවා...