IMG-LOGO

ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඝාතනයක් වැළකේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරදාන පංචිකාවන්ත අම්මාන් කෝවිල අසල දී ඊයේ (13) මධ්‍යම රාත්‍රියේදී පුද්ගලයකු ඉලක්ක කර  වෙඩි තැබීමක් සිදු කළද ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග ඉලක්ක කරු පැනගොස් ඇතැයි  මරදාන පොලිසියය කියයි.

මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇත්තේ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුටය.

එම පුද්ගලයා ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට තැත් කර ඇති අතර එම අවස්ථාවේදී එම ගිනි අවිය ක්‍රියාත්මකවී නොමැත.

ඒ සමගම තීරෝද රථය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර යතුරු පෙදියෙන් පැමිණි පුද්ගලයන් ද පළා යමින් සිටියදී වෙඩි උණ්ඩයක් බිමට තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (1)

ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඝාතනයක් වැළකේ

ගෝනපොල අබේ Saturday, 14 June 2025 02:12 PM

මේ කවුද මන්දා... ත්‍රී විල් එකක්වත් අලුත්වැඩියා කරගෙන ජීවත් වෙන්න දෙන්නේ නැති හැටි. වෙන ගැරේජ් කාරයෙක් වෙන්න ඇති මේ වැඩේ කරන්න ඇත්තේ...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1394 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site