IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

ග්‍රාමීය සහ විවිධ    සමූපකාර බැංකුවල සිදුවී ඇතැයි පැවසෙන රුපියල් කෝටි දාහකට වැඩි  මුදල් වංචා දූෂණ සහ අක්‍රමිකතා විගණනයේ යම් යම් දුර්ලතා සහ ප්‍රමාදයන් හේතුවෙන් කාලයක් තිස්සේ සොයා ගැනීමට නොහැකිව ඇතැයි  වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් රත්නායක මහතා පැවසීය.

බස්නාහිර පළාතේ පමණක් ග්‍රාමීය සහ සමූපකාර  බැංකුවල රුපියල් කෝටි 500කට වැඩි
මුදල් වංචා සිදුව ඇති බව පැවසූ  නියෝජ්‍ය අමාත්‍යවරයා මෙයට අමතරව වයඹ සහ මධ්‍යම පළාත්වලද  විශාල වශයෙන් මුදල් වංචා   සිදුව ඇති බව ප්‍රකාශ කළේය.

ග්‍රාමීය බැංකුවල දූෂණ වංචා සහ අක්‍රමිකතා බොහෝ ප්‍රමාණයක් පළාත් මට්ටමේ විගණනයෙන් සොයා ගැනීමට නොහැකිව ඇති බවත් ඇත්තටම සිදු වූ දූෂණ වංචාද  විගණන  ප්‍රමාදයන් හේතුවෙන් අනාවරණය කරගත  නොහැකිව පවතින  බවත් ඔහු සඳහන් කළේය.

මේ අනුව අමාත්‍යාංශය විගණනය ශක්තිමත් කර ගැනීමට මැදිහත් වෙමින් සිටින බව  පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා  ග්‍රාමීය බැංකු විගණනය සිදුවන්නේ පළාත් විෂයට අදාළව බවද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන්  සමූපකාර කොමසාරිස්වරිය සමඟ දීර්ඝව  සාකච්ඡා කරන බවද ඔහු කීය.



අදහස් (0)

ග්‍රාමීය බැංකුවල කෝටි 1000ක් පිල්ලි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 781 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site