
(අංජුල මහික වීරරත්න)
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තු ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ විදේශ ව්‍යවහාර මුදල් හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීම පිණිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙස් ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ප්රයත්නයේ කොටසක් වශයෙන් පැමිණීමේ පර්යන්තය නැවත සකස් කිරීමේදී එහි ක්‍රියාත්මක වූ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමේ අවශ්‍යතාව මතු වී ඇත.
අලුතින් වෙන් කර ඇති ස්ථානවල මුදල් මාරු කිරීමේ කවුළු ස්ථානගත කිරීමේදී අදාළ වන මාසික කුලිය සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ වන විට පැවති කොන්ත්‍රාත් ගිවිසුම් අත්හිටුවීමට සීමාසහිත ගුවන්තොටු පොළ සහ ගුවන් සේවා ( ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් කටයුතු කර ඇත. ඉන් අනතුරුව, පැමිණීමේ පර්යන්තයේ අලුතින් වෙන් කරනු ලබන ප්‍රදේශයක වසර 03 ක කොන්ත්‍රාත් කාල සීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත / බලය පවරා ඇති ආයතන වලින් සීමිත තරගකාරී ලංසු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ලැබී ඇති ලංසු 05 ක් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්රසමපාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව පහත සඳහන් පරිදි වසර 03 ක කාල සීමාවක් සඳහා විදේශ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු පවත්වා ගෙන යාමේ කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් රැවටිලා ඡන්දය දුන්නට මෙලෝ දෙයක් කර ගන්න බැරි හරක් රැලක් කියලා හොදටම පැහැදිලියි. තියෙන ඔක්කෝම පෞද්ගලික කරණය කරනවා... එතකොට සියල්ලෙන් නිදහස් වෙලා මොවුන්ට මයික් ඉස්සරට වෙලා කයිවාරු ගහන්න පුළුවනේ. රෝහණ විජේවීර හිටියා නම් ඔහොමද ගොනෝ රටක් කරන්නේ කියලා අහනවා ෂුවර්.., අපරාදේ ඒ මනුස්සයා ජීවිත පරිත්‍යාගයෙන් හැදුව පක්ෂය... මේ කෂඩ රැල විනාශ කරනවා...