
(යොහාන් භාසුර)
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා එම ධුරයෙන් අද (28) ඉල්ලා අස්විය.
එම සමාගම තුළ ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සැළකිල්ලට ගනිමින් ඒ මහතා ඉල්ලාඅස්වූ බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පැවසීය.
ඒ අනුව වැඩබලන සභාපතිවරයා ලෙස එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එස්. මංගල මහතා පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd