ශ්රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ කථීකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත ඉන්ද්‍රලාල් යාපා මහතා ඉපැරණි වී විශේෂයක් සම්බන්ධව පර්යේෂණයක් කරයි.
ඔහු මෙසේ ද කියයි. ‘මා උතුරු මැද පළාතේ වකුගඩු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සම්බන්ධව පර්යේෂණයක් කිරීමේදී එහි නියං සමයට ගොවීන් මුහුණදෙන ගැටලූ හා නියගයට ඔරොත්තු දෙන වී වර්ග පිළිබඳව ද සොයා බැලූවා. එහි ගොවීන් ගෙන්ද විශාල ඉල්ලීමක් තිබුණා.
ගෙවිලියක් ලබාදුන් වී ස්වල්පයක් මා බොකරන්නට උත්සාහ කළා. ලැබුණේ ඇට විසිහතරක් එය පර්යේෂණයකට ප්‍රමාණවත් නැහැ. ඇයට එම බීජ දුන් ගොවියා පවසා ඇත්තේ එය පුරාවිද්‍යා කැණීමකින් ලැබුණ බවයි. එම බීජ ඛෙලිහුල්ඔය කහවත්ත හා කොළඹගෙආර කෑගල්ල යන ප්‍රදේශවල පැළ කර තිඛෙනවා. අඩි 10 කට වැඩි උසකින් යුත් මා වී විශේෂයක්.
පසුගිය අගොස්තු මාසයේ සිටවු මෙම බීජ වල පැළ හටගෙන කරල් පීදී තිඛෙනවා. තවත් මාස එකහමාරකින් අස්වැන්න නෙළිය හැකියි. එවිට එම බීජවල පෝෂණ තත්වය ඉපැරණි බව හා ඖෂධීය ගුණය පිලිබඳව පර්යේෂණ කරනවා. කෙසේ වෙතත් මෙම බීජ ඉතා හොඳ ප්‍රරෝහණ ශක්තියක් අති දැඩි නියගයට ඔරොත්තු දෙන ශාඛයක් බව මුල් පර්යේෂණයන්ගෙන් සනාථ වනවා.‘
සබරගමුව කෘෂිවිද්‍යා පීඨයේ ගොඩනැගිල්ලක් පිටුපස සිටුවා ඇති ඉදල් ඉරිගු ගසක් තරමට වී පඳුරක් වැඩී ඇත. මෙම ගොයම් ගසට කිසිම කෘෂි රසායන පොහොරක් හෝ රසායනික පළිබෝධ නාශකයක් යොදා නොමැති බව ද ආචාර්යවරයා කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සම් කරන්න වෙයි. කවුරුහරි ජාන හොරෙක් පිට රට යවලා පේටන්ට් අයිතිය සුද්දෙකුට දෙයි. නැත්නම් බහු ජාතික සමාගම් මෙම ශාකය පිළිකාකාරක සහිත බවට බොරු මත පතුරවයි. (නි)
ඉන්ද්‍රජිත්ට අමු හාල්වත් කැවිලද? (නි)
ඔබතුමන්ලා තමයි මේ හෙළයේ පිනට උපන් පුතුන්. නැතුව පාර්ලිමේන්තුවේ බොරුවට කෑගහන අය නෙමෙයි. (නි)
නාස් ලනුව දිගේ යන්න කැමති පාඨකයින් ගොඩ වැඩි බව ඉන්ද්‍රජිත්ට විරුද්ධව දමපු ප්‍රතිචාර වලින් පේනවා. මට නම් හිතෙන්නේ මෙතන අදහස් දාපු අයගෙන් දෙයක් විචාර පූර්වකව බලන කෙනෙකුට ඉන්නේ ඉන්ද්‍රජිත් සහ තුල්සි විතරයි. බණ්ඩාර කියන දේත් ඇත්ත. මේවා සංදර්ශන ලෙස නොවෙයි කල යුත්තේ බලමුකෝ ඔය ලොකු වී ගහෙ සහල් කන හැටි... (ස)
සොයාගන්න එක හොදයි. නමුත් වවන එකනේ ප්‍රශ්නේ. අපේ මැති ඇමති ගොල්ලෝ මේකට මොනවා කියයිද දන්නෙ නැහැ. (නි)
ඉන්ද්‍රජිත්ට පිස්සුද? (නි)
පින්කෙත හෙළ ලක් දෙරණට , වාසනා වේවා! (නි)
හුරේ දමන පාඨක පිරිසට එක් වෙලා සතුටු වෙන්න තිබුණා නම් මාත් කැමතියි. එහෙත් මට නම් සැකයක් ඇතිවෙනවා මේ සේයාරුව මාරු වෙලාද කියා. මෙහි ගොයම් වර්ගයේ ශාකයකට ආවේණික ලක්ෂණ ඔබට පෙනෙනවාද? පුවත නම් ඇත්තක් වෙන්න ඇති. අපේ ආවේණික සහල් වර්ගවල රසගුණ මාත් අත්දැකීමෙන්ම දන්නවා. ඒ ගොයම් වර්ගවල හැටිත් දැකලා තියෙනවා. (නි)
"ඇයට එම බීජ දුන් ගොවියා පවසා ඇත්තේ එය පුරාවිද්‍යා කැණීමකින් ලැබුණ බවයි" පුරාවිද්‍යා කැණීමක් කිරීමට බලය ඇති නිල ආයතන වලින් සිදුකල කැණීමකින් ගොඩ ගත් වී ඇට කොටසක්වත් නිසි පර්යේෂණ වලට ලක්වීමට පෙර ගොවියන්ගේ අතට ගියේ කොහොමදැයි සොයා බැලුවොත් නරකද? (නි)
මම නම් මේකට ප්‍රශංසා කරන්න පටන් ගන්නේ අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් නිසි පිළිගැනීමක් ලැබුණු පසුවයි. පහුගිය කාලේ දේශීය වෛද්‍යවරියක් ඩෙංගු වලට බෙහෙතක් නිපදවලා කියා මහා මාධ්‍ය ඝෝෂාවක් නැගුවා. (නි)
තුල්සි. පුාවිද්‍යාවෙ වී හැංගුවෙ ඒ ගොවි මහතාගේ මීමුත්තයි.. පස්සේ කාලෙක මුණුබුරාට ගන්නයි..!(නු)
සරු පස පොළොවෙන් වැහි බිදු අහසින් මිණී කැට මුතු කැට ඇත මගෙ සිරිලක... (නි)
කිරි ඉතිරෙයි අපට සෙතයි... (නි)
වැළලීගිය අතීත පෞඪත්වය නැවත නගා සිටුවමට වෙර දරන ඔබ සැමට පින්. (නි)
කියන්න බැරිතරම් ස්තූතියි. ඔබතුමාට ගොඩක් පින්. (නි)
මේක දැකීමමත් මහ පිනක් වගෙයි නෙතට. (නි)
බුදු අම්මෝ! මේ ගොයම් ද ? කොළ උක්ගස් වගේ. අපේ මුතුන් මිත්තෝ මහා වැඩ කළේ මේවාගෙන් ලැබුන ශක්තියෙන් විය හැකියි. (නි)
කෝටි ගණන් වියදම් කරලා පිටරටවල් වලට ගිහින් පශ්චාත් උපාධිය කරගෙන එන්න බැරි විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉන්න මේ රටේ හැබෑ පර්යේෂකවරු ගැන අහන්න ලැබෙන එක මොන තරම් සතුටක් ද? ඒ පර්යේෂකයන්ගේ රටට අවැසි පර්යේෂණවල සතුටුදායක ප්‍රතිඵල ගැන දකින්න ලැබෙන එක මොන තරම් උත්කර්ෂයට හේතුවක් ද? මෙම කථිකාචාර්යතුමාට තවත් ඉදිරියට පර්යේෂණ කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! ඔබ වැනි පුද්ගලයන් බාහිර බලවේගවලින් ප්‍රවේශම් විය යුතු බවට ද අනතුරු ඇගවීමක් කරන්න කැමතියි. (නි)
ඇත්තටම හොඳ පර්යේශකයෙක් ඔබ! අපට වෙලා තියෙන්නේ, ලංකාවේ අයගේ කතා හරි වුණත් විශ්වාස කරන්න බැරි තත්.්වයට පත්වෙලා. ඒ දේශපාලුවන් ප්‍රසිද්ධියේ ඇත්ත වගේ බොරු කියන එක නිසා. මොකද ගමේ ඉන්න හොදම මදාවියො ටිකයි, රස්තියාදුකාරයො ටිකයි ගමක නගරෙක පාලකයො කරවපුවම රටක් ගැන මොනවා කියන්නද? පුදුම කලකිරීමෙන් මේ රටේ ජීවත් වෙන්නේ. (නි)
ඔබතුමාලා වගේ අය ගැන ඇසීමමත් පිනක්. (නි)
මේ ගොයම ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් නොයෙදුවොත් ගිනි තියන්න වුණත් බැරි නැහැ. (නි)
දැනට දේශීය වී වර්ග 1500 ක් පමණ අපෙන් තුරන් වෙලා ගිය මොහොතක මෙවැනි උත්සාහයක් දැරීම විශිෂ්ටයි. (දී)
රට සහල් වර්ග වලට නොරැවටී මෙවැනි වී වර්ග වවමු!!! ඔබේ පර්යේශනය සාර්ථක වේවා ......කෙතක මහිම බල මා වී පැසීලා.... (දී)