අද පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැද පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට සිදු විය.
විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පත ඇතුළු පනත් දහයක් අද විවාදයට ගැනීමට නියමිතව තිබිණි.
පාර්ලිමේන්තු විවාදය යන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසුවේ විදුලිබිල වැඩි කිරීම ගැන ලබන මැයි නව වැනිදා විවාදයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වන බවයි. මැයි නව වැනිදා එම විවාදය ආරම්භ කරන තුරු විදුලි බිල වැඩි නොකර ලෙසත්, ඉන් පසුව ඒ ගැන ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටි නමුත් ඊඨ සුබවාදී ප්‍රතිචාරයක් නොලැබීම ගැන විරෝධය පළ කරන බව හෙතෙම කීය.
එම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු දැල්වූ ඉටිපන්දම් අතැතිව සභා ගැබට පැමිණ විරෝධය පළ කරන්නට වූහ.
සභාවේ ඇතිවූ උණුසුම් එම තත්ත්වය මත මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මිනිත්තු පහකට සභාව කල් තබා නැගිට ගියේය.
මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක සහ සංධානයේ යොහාන් රත්වත්තේ මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාරයක් සහ ගුටි කෙළියක් ද සිදුවන්නට ගිය අතර වාසුදේව නානායක්කාර ඇතුළු අමැතිවරු ද, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා මන්ත්‍රීවරු ද පිරිස් සභා මැදට පැණ දෙදෙනා දෙපසට කළහ.
සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ අසුන් පෙලේ සිට ප්ලාස්ටික් වතුර බෝතලයකින් වතුර විසි කරමින් ඉදිරියට පැමිණි අතර ඒ මගින් විපක්ෂ මන්ත්‍රීවරු අත තිබූ ඉටිපන්දම් නිවීමට උත්සාහ ගත්තේය.
නැවත පස්වරු පහට පමණ නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඇරැඹි අතර විරෝධයපාන විපක්ෂ මන්ත්‍රීන්ට සභාවෙන් ඉවත් වන ලෙස නියෝජ්‍ය කතානායකවරයා දැන්වීය. ඔවුන් සභාවෙන් ඉවත් නොවූ තැන විරෝධතා මැද පනත් දහයක් සම්මත කර ගැනිණි.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් මහත්වරු විවාදයට තමනට අවස්ථාව නොලැබීම ගැන විරෝධය පෑහ.
සභාවේ දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවූ හෙයින් පස්වරු හතට අවසන් කිරීමට තිබූ සභා වාරය පස්වරු 5.10ට පමණ අවසන් කළ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මැයි මස නව වැනිදා පස්වරු 1 දක්වා සභාව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කිවුවාලු. (නි)
වැඩක් නැහැ. වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට කවුරු ගියත් වැඩක් නැහැ. (නි)
ශ්රී ලාංකිකයෝ තමයි මොලය සහ හදවත නැතුව ඉපදෙන ලොව එකම අරුම පුදුම මිනිස්සු කොටස (නි)
ගාමිණී හරක් පැටියෝ. බොදුබල සේනාව දේසපාලනය කරන්නේ නැහැ. ඒකට අපහාස කරන්න එපා හොදේ.(නදී)
පාර්ලිමේන්තුවෙන් අපි කවදද හරවත් කතාවක් ඇහුවේ? (නි)
අනිවාර්යෙන්ම යම් වෙනසක් ඇති කළ යුතු කාලය පැමිණ ඇත. (නි)
පාරට බැහැලා ගුටි ගහගත්තේ නැද්ද? (නි)
දැල්වුණ ඉටි පහන් වලට වතුර ගසා නිවා දමා විදුලි බිල වැඩි වීමේ ප්‍රශ්නය විසදන්නට සිතන පාර්ලිමේන්තුවට සුභ අනාගතයක්! (නි)
ඉතාම කණගාටුදායක තත්වය වන්නේ රටේ ප්‍රශ්න තේරුම් ගෙන රට පාලනය කරන්නට නොහැකි රාජ්‍ය නායකයෝ පත්විමියි. වර්තමාන අය කරන හොද සහ නරක දෙකටම චන්දිරිකා මැතිනිය වග කිය යුතුමයි. අද චන්ද්‍රික මැතිනිය නමින් අමතන ඇය එදා අති ගරු ජනදිපති තුමියි. අනාගත ශ්‍රී ලාංකිකයෝ කිසිවෙකුටත් ගැති නොවන්නුන් වේවා. අන්ත වාදී අදහස් මේ තුල නැත, තිරිසන්නුන්මෙන් ක්‍රියා කරන දේසපාලන වාසිය සදහා එහෙම සිතන්නෝ වෙත්ද ඒවාටද නිසි පිළිතුරු ලැබෙනවා නියතයි.(නදී)
දැන් ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරලා තමයි. නියම ආශ්චර්යය, මහත්තයෝ. ජයවේවා! (නි)
පිස්සු තද වෙලා.(නදී)
මේක බොදු බල සේනාවේ වැඩක් වෙන්න බැරිද? (නදී)
මේ දේශපාලකයන්ට ඇත්ත පෙනෙන්නේ නැහැ. මේ විදිහට හැමදේකම මිල වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු දුප්පත් වෙලා හොරකම් මැරකම් වැඩි වෙන එකයි වෙන්නේ.මේ හැමදෙයත් එක්කම තව හිර ගෙවල් ටිකකුත් හදන්න වෙයි. (නි)
එක කට්ටියක් ඉටිපන්දම් පත්තු කරගෙන එනවා. අනිත් කට්ටිය වතුර ගහනවා. ඕවා කරන්න පාර්ලිමේන්තුවක් ඕනද? (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න සමහර උදවියට වඩා හොඳ විනයක් තියනවා අපේ ගෙවල්වල හදන සුරතල් සතුන් ළගත්. (නි)
ජනතාව නොමරා ලේ උරා බොන එක නම් දේශපාලඥයෝ නවත්වලා නැහැ වගේ. (නි)
මොකද මේ කඩිමුඩියේ පනත් සම්මත කරගන්නේ? එයාලට පනතක් කියන්නේ බොහොම සෙල්ලම් දෙයක්. නියම ආශ්චර්යය (නි)
රටේ ඇවිලෙන ගින්න වතුර ගහලා නිවන්න ලැබෙන්නේ නැහැ. අනික ඔයාලා ඔහොම පනත් සම්මත කරගෙන එන්නකෝ ගමට. (නි)