IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ගම්පහට මී උණ අවදානමක්

(කීර්ති ප්‍රනාන්දු )

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ  ගම්  15 ක  මී උණ රෝගය වැළඳීමේ  අධි අවදානම් ස්ථාන 65ක්  නම් කිරීමට  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන තිබේ  .

මේ වන විට එම හඳුනාගත්  ප්‍රදේශ තුළ මීඋණ රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ උපදෙස් සහිත දැන්වීම් පුවරු සවිකිරීම සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇතැයි එම කාර්යාලය පවසයි  .

මාදෙල්ගමුව, නැදගමුව, පත්තඩුවන, නිල්පනාගොඩ ,හොරම් පැල්ල, උඩුගම්පොළ, මැදගම්පිටිය දෙවොල පොළ, වෑගොව්ව, මාරපොළ , යටියන, කොරස , වීදියවත්ත , අස්ගිරිය ,ගල්ඔළුව, එම ප්‍රදේශ   අධිඅවදානම් ගම් ලෙස නම් කර ඇත.

මෙම අධි අවදානම් ප්‍රදේශ ඇතුළින් ඉකුත් වසරේදී මී උණ රෝගීන්  විශාල ලෙස වාර්තා වූ බවත්  මෙම වසරේ පළමු මාස 04 කාලය තුළදී පමණක් මී උන රෝගය වැළඳුණු බවට හඳුනාගත් රෝගීන් 17 දෙනෙකු සහ මරණ  02 ක් වාර්තා වී ඇතැයිද  එම කාර්යාලය පෙන්වා දෙයි  .

මෙම මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු යාගොඩ මුල්ල සිට හීනටියන  දක්වා පුරන් කුඹුරු යායක් මැදින් පයින් ගමන් කළ අයකු බව පවසන සෞඛ්‍ය නිලධාරීන් අනෙක් පුද්ගලයා  අස්ගිරි වල්පොල ප්‍රදේශයේදී අත්තනගලු ඔයේ අතු ශාඛාවක් දෙපස  දර කැඩීමට ගිය අයෙකු බවද  කියයි.




 

 



අදහස් (0)

ගම්පහට මී උණ අවදානමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි
2024 මැයි මස 17 102 0

නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍


ඩයනා අමාත්‍යංශ වාහන හතරක් ගෙදර තියාගෙන
2024 මැයි මස 17 966 0

ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.


වැස්ස වර්ධනය වේ
2024 මැයි මස 17 227 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.


නිලාවේලි වෙරළේ යාත්‍රාවකට ගිනි තියලා
2024 මැයි මස 17 223 0

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


සා.පෙළ ප්‍රතිඵල එන්න කලින් උ: පෙළ පටන් ගැනීම අවුලක්
2024 මැයි මස 17 652 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමට ප්‍රථම එම සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ


‘‘ආණ්ඩුවේ ගමන හොඳ නෑ.තීන්දුවක් ගන්නත් යයි‘‘
2024 මැයි මස 17 1360 0

ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළ තමන් අනුමත නොකරන බවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව රට වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගැනීමට පසුබට නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 740 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2277 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1956 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site