බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදු කළ විශේෂ විමර්ශන දෙකකින් පසු ස්ථාන මාරු කිරීමට නිර්දේශ කළ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ විදුහල්පති වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනියුක්ත කර ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
එම විද්‍යාලයේ නව විදුහල්පති ලෙස මිනුවන්ගොඩ යටියන මහා විද්‍යාලයයේ විදුහල්පති පත් කර ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.
ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාස වල සිදු කළ විමර්ශනවලින් පසු මේ විද්‍යාලයයේ විදුහල්පති ද, නියෝජ්‍ය විදුහල්පතිවරුද, අනධ්‍යයන සේවකයකු ද ස්ථාන මාරු කිරීමට නිර්දේශ කැරිණි.
එලෙස නිර්දේශ කර තිබියදී එය ක්‍රියාත්මක නොවූ තැන ඒ ගැන මාධ්‍ය මගින් හෙළිදරව් කළ අතර, ලංකා ගුරු සංගම්යේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතව ඉල්ලා තිබුණේ හැකි ඉක්මනින් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි.
ඉන් පසු මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති ස්ථාන මාරු කර ඇත. පාළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ විමර්ශනවල එක් නිර්දේශයක් පමණක් ක්‍රියාත්මක කර අනෙක් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටියහොත් ඊළඟට එන විදුහල්පතිට එම විද්‍යාලයේ රාජකාරි කිරීමේදී ගැටළු මතුවිය හැකි බවයි.
එම නිසා විමර්ශනවලින් දුන් නිර්දේශ අනුව හැකි ඉක්මණින් නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන සේවකයකුද ස්ථානමාරු කර විද්‍යාලයේ පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වන ආදිශිෂ්‍යයන්ට අවවාද කර ලිපි යැවිය යුතු බව ද එම නිලධාරියා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි, ආදි සිසුවොත් ඉන්නවනේ තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න බැරි කොටසකුත්.(නදී)
අනේ හොඳයි මොන ඉස්කෝලේ වුණත් දියුණු වෙනවා නම් කාටත් වැඩදායකනේ. (නි)
පැතුම්, බණ්ඩාරවත්ත කියන්නේ එක පාසලක්. බණ්ඩාරනායක කියන්නේ තව පාසලක්. ඔයා ඔය කියවන්නේ බණ්ඩාරනායක එක ගැන. (නි)
ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන හොඳම පිරිමි විදුහල. එහෙත් පරිපාලනයේ දුර්වලතා නිසා පිරිහිලා ගිහින්. දැන්වත් හොඳ වෙයිද බලමු. (නි)