IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගම්පහ බණ්ඩාරවත්තට නව විදුහල්පතිවරයෙක්

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයෙන් සහ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සිදු කළ විශේෂ විමර්ශන දෙකකින් පසු ස්ථාන මාරු කිරීමට නිර්දේශ කළ ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයේ විදුහල්පති වහා ක්‍රියාත්මක වන පරිදි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනියුක්ත කර ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.

එම විද්‍යාලයේ නව විදුහල්පති ලෙස මිනුවන්ගොඩ යටියන මහා විද්‍යාලයයේ විදුහල්පති පත් කර ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

ඉකුත් ජනවාරි සහ පෙබරවාරි මාස වල සිදු කළ විමර්ශනවලින් පසු මේ විද්‍යාලයයේ විදුහල්පති ද, නියෝජ්‍ය විදුහල්පතිවරුද, අනධ්‍යයන සේවකයකු ද ස්ථාන මාරු කිරීමට නිර්දේශ කැරිණි.

එලෙස නිර්දේශ කර තිබියදී එය ක්‍රියාත්මක නොවූ තැන ඒ ගැන මාධ්‍ය මගින් හෙළිදරව් කළ අතර, ලංකා ගුරු සංගම්යේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතව ඉල්ලා තිබුණේ හැකි ඉක්මනින් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි.

ඉන් පසු මේ සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති ස්ථාන මාරු කර ඇත. පාළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසුවේ විමර්ශනවල එක් නිර්දේශයක් පමණක් ක්‍රියාත්මක කර අනෙක් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටියහොත් ඊළඟට එන විදුහල්පතිට එම විද්‍යාලයේ රාජකාරි කිරීමේදී ගැටළු මතුවිය හැකි බවයි.

එම නිසා විමර්ශනවලින් දුන් නිර්දේශ අනුව හැකි ඉක්මණින් නියෝජ්‍ය විදුහල්පතිවරු ද, අනධ්‍යයන සේවකයකුද ස්ථානමාරු කර විද්‍යාලයේ පරිපාලනයට අනිසි ලෙස මැදිහත්වන ආදිශිෂ්‍යයන්ට අවවාද කර ලිපි යැවිය යුතු බව ද එම නිලධාරියා පැවසීය.



අදහස් (0)

ගම්පහ බණ්ඩාරවත්තට නව විදුහල්පතිවරයෙක්

දයා අලහකෝන් Wednesday, 24 April 2013 02:49 PM

අන්න හරි, ආදි සිසුවොත් ඉන්නවනේ තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න බැරි කොටසකුත්.(නදී)

:       0       0

නැතුමී Thursday, 25 April 2013 10:23 AM

අනේ හොඳයි මොන ඉස්කෝලේ වුණත් දියුණු වෙනවා නම් කාටත් වැඩදායකනේ. (නි)

:       0       0

දෙමිතා Thursday, 25 April 2013 12:25 AM

පැතුම්, බණ්ඩාරවත්ත කියන්නේ එක පාසලක්. බණ්ඩාරනායක කියන්නේ තව පාසලක්. ඔයා ඔය කියවන්නේ බණ්ඩාරනායක එක ගැන. (නි)

:       0       0

පැතුම් Wednesday, 24 April 2013 04:56 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන හොඳම පිරිමි විදුහල. එහෙත් පරිපාලනයේ දුර්වලතා නිසා පිරිහිලා ගිහින්. දැන්වත් හොඳ වෙයිද බලමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site