(නිමල කොඩිතුවක්කු)
කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.
කොමසාරිස්වරිය පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුවේ වුවමනාවන් ඉෂ්ඨ කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටට නව දේශපාලන සංස්කෘතියක් ගෙන ඒමට කටයුතු කරන බව පැවසූ මාලිමා ආණ්ඩුව රාජපක්ෂ සංස්කෘතියම බලය වෙනුවෙන් යොදා ගන්නා බව කොලඹ පුරපතිධුරය පත්කර ගැනීමේදී හෙලි වූ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ පුරපති ධුරය පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.
“ජාතික ජන බලවේගය පසුගිය කාලයේ දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ සිදු කරන රහස් ඡන්දවලට විරෝධය පළ කළා. මහජන නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ජනතාව දැනගත යුතුයි කියන එක ඔවුන්ගේ ස්ථාවරය වුණා. එහෙම කියන ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන තුළ රහස් ඡන්දයක් ඉල්ලා සිටියා.
ඔවුන් දිගින් දිගටම විනිවිදභාවය, පාරදෘශ්‍ය භාවය ගැන කතා කළා. මිනිස්සු ඔවුන්ට ඡන්දය දුන්නෙත් ඒ නිසා. නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බව පැවසූ ජාතික ජන බලවේගය බලය වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පාවල දීල තියෙනවා. ඔවුන් බලය ලබා ගැනීමේදී රාජපක්ෂවරුන්ගේ ප්‍රතිපත්ති අනුගමනය කරන බවක් මෙතැනදී පෙනී යනවා.
කොළඹ පුරපති තෝරාපත් කර ගැනීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය නීති විරෝධී ලෙස කටයුතු කළා. ඇය පළාත් පාල පාලන පනතට අනුව කටයුතු කළේ නැහැ. පළාත් පාලන කොමසාරිස්වරිය තනතුරේ බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් රහස් ඡන්දයකට ගියා. ඇය මෙතැනදී ආණ්ඩුවේ වුවමනා ඉෂ්ට කළා කියලා බොහොම පැහැදිලියි. අපි ඇයගේ ක්‍රියාකලාපය ගැන නීතිඥවරුන් සමග සාකච්ඡා කළා. අපි මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොළඹ පුරපති පත්කිරීම ගැන සජබෙන් නීති පියවර