(අංජුල මහික වීරරත්න)
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන විට දැවැන්ත බල "පොරයක්" නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තේය.
දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගත්තේය.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවය පවතී.
සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට තවත් සභික ධුර 30ක් අවශ්‍යය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,එක්සත් සාම සන්ධානය,සර්වජන බලය,පොදු ජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ඇතුළු ස්වාධීන කණ්ඩායම් විසින් කොළඹ මහ නගර සභාවේ සභික ධුර 40ක් අත්පත් කරගෙන ඇති අතර ප්‍රධාන පක්ෂ දෙක විසින් එම සභිකයන් තමාගේ ගොඩට දිනා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසූයේ ජන වරමේ අපේක්ෂාව අනුව ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ බලය පිහිටවෙනු ඇති බවයි.
ජනතාව විසින් ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාව සඳහා පැහැදිලි වැඩි බලයක් ලබා දී තිබෙන බව සඳහන් කළ ජාතික ජන බලවේග ප්‍රකාශකයා එම ජනවරමට සාධාරණයක් වන තීරණයක් කොළඹ මහ නගර සභාවට ලැබෙනු ඇති බව කීය.
සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසූයේ කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂ සමග සාකච්ඡා සියයට අනූවකින් අවසන් වී ඇති අතර තම පක්ෂය අනිවාර්යයෙන්ම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන බවයි.
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ