(මනෝ ප්‍රිය ගුණසේකර)
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත්කර ඇත.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ආදිත්ත පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස්ස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව වෙනුවෙන් මංජුල තිලකරත්න මහතා මෙලෙස පත්කර ඇත.
කොළඹ අංක 6 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ නවරත්න මාරසිංහ මහතා සිවිල් අභියාචන මහධිකරණ විනිසුරුවරයා වශයෙන් පත්කොට ඇති අතර කොළඹ මහාධිකරණයේ පුරප්පාඩු ව ඇති විනිසුරු ධූරයන් සඳහා සහන් මාපා බණ්ඩාර මහතා, ලංකා ජයරත්න සහ ඉන්දිකා කාලිංගවංශ මහත්මීන් පත්කර ඇත.
ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සහන් මාපා බණ්ඩාර මහතා සහ රත්නපුර මහාධිකරණ විනිසුරුවරිය වශයෙන් කටයුතු කර ලංකා ජයරත්න මහත්මිය මෙලෙස කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් පත් කරඇත.
මේ අතර කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ මහේන් වීරමන් මහතා අංක දෙක අධිකරණයෙ විනිසුරුවරයා වශයෙන්ද, ආර්.එස්.එස් සපුවිද මහතා අංක තුන මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, සුජීව නිශ්ශංක මහතා අංක හතර අධිකරණ විනිසුරුවරයා වශයෙන්ද, එච්.පී.එම්. අභයරත්න මහතා අංක 5 මහාධිකරණ විනිසුරුවරයා වශයෙන්ද පත්කර ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න