IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය පිටපාරේ

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව අවම සුදුසුකම් ලැබූ ටෙන්ඩර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ හිතමිතුරු සමාගමකට ප්‍රදානය කිරීමට සූදානම් වන බව එම රෝහලේ වෘත්තීය සමිති චෝදනා කරයි.

පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව අවම සුදුසුකම් පමණක් සම්පූර්ණ කළ සමාගමකට තාක්‍ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව පිරිනැමීමට ටෙන්ඩර් කමිටුවට බලයක් නොමැති බව කියන වෘත්තීය සමිති පසුගිය ආණ්ඩු සමයේ බෙහෙත් වංචාවලට සම්බන්ධ වූ නිලධාරීන්ම මෙම සිද්ධියට සම්බන්ධ බව ද සඳහන් කළේය.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වාහාම මේ පිළිබඳව අවදානය යොමුකළ යුතු බව ද වෘත්තීය සමිති පැවසීය.

මධ්‍යම රජය යටතේ පවතින රෝහල් 54 ක් පිරිසිදු කිරීමේ සේවය පෞද්ගලික සමාගම්වලට ටෙන්ඩර් කැඳවීමෙන් පිරිනමන අතර ඒ සඳහා මාසයක ඇස්තමේන්තු වියදම රුපියල් කෝටි 400 ක් බවත් මීට පෙරද එම කොන්ත්‍රාත් ඇමතිවරුන්ගේ හිතවතුන්ට දුන්නේ යැයි චෝදනාවක් තිබූ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩි දුරටත් සඳහන් කළහ. 



අදහස් (0)

කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය පිටපාරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 18 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1533 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1670 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site