IMG-LOGO

කොළඹ නගරාධිපති ව්‍රායි ද? සාරුක් ද?

(අංජුල මහික වීරරත්න)

කොළඹ නගරාධිපති ධුරයට පත්වන්නේ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මෙනවිය ද සමගි ජන බලවේගයේ රිසා සාරුක් මහතා ද යන්න කොළඹ මහ නගර සභාවේ පළමු රැස්වීමේ දී හෙට (16) තීරණය කෙරෙයි.

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට 50 ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු හෙයින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධාන්වයෙන් කොළඹ මහ නගර සභාවේදී හෙට පෙරවරු 9.30ට පැවැත්වීමට තීරණය කෙරිණි.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාව සඳහා ඡන්ද 81814ක් ගෙන සියයට 36.92ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර සභික ධුර 48ක් ලබා ගත්තේය.

දෙවැනි තැනට පත් සමගි ජන බලවේගය ඡන්ද 58375ක් ලබා ගනිමින් සියයට 26.34ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් සභික ධුර 29ක් ලබා ගත්තේය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සභික ධුර 59ක් අවශ්‍ය වන අතර ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තවත් සභික ධුර 11ක අවශ්‍යතාවය පවතී.

සමගි ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට තවත් සභික ධුර 30ක් අවශ්‍යය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,එක්සත් සාම සන්ධානය,සර්වජන බලය,පොදු ජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ඇතුළු ස්වාධීන කණ්ඩායම් විසින් කොළඹ මහ නගර සභාවේ සභික ධුර 40ක් අත්පත් කරගෙන ඇති අතර ප්‍රධාන පක්ෂ දෙක විසින් එම සභිකයන් තමාගේ ගොඩට දිනා ගැනීම සඳහා දැඩි අරගලයක නිරත වන අයුරු දැක ගත හැකි විය.

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසූයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස අනිවාර්යයෙන්ම පත්වන බවයි.කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳ සටන මේ වන විට අවසන්ව තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳුදා දිනයේදී මාලිමාවේ ව්‍රායි කොළඹ නගරාධිපති ලෙස වැඩ බාර ගන්නා බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසූයේ සමගි ජන බලවේගයේ රිසා සාරුක් අනිවාර්යයෙන්ම නගරාධිපති ධුරයට පත්වන බවයි.

" අපි මේ මැච් එක ගහනවා" යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා සඳහන් කළේය. මේ වන විටත් විපක්ෂයේ බහුතර සහාය සමගි ජන බලවේගයට ලැබී තිබෙන බව කී මුජිබුර් රහුමාන් මහතා නගර සභාවේ බලය පිහිටුවීම ගැන සමගි ජන බලවේගයට කිසිම කුකුසක් නැති බව සඳහන් කළේය.

කොළඹ නගර සභාව හෙට රැස්වූ පසුව පළමුවෙන්ම නව නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුවනු ඇත.

 



අදහස් (0)

කොළඹ නගරාධිපති ව්‍රායි ද? සාරුක් ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1475 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 535 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 603 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site