IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක්

(ගයාන් සූරිය ආරච්චි)

කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන්  පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් හිටපු අමාත්‍යවරයාට කළ දැනුම් දීමකට අනුව ඔහු අද (9) එම කොම්ෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ සහ ඔහුගේ පවුලේ  සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව සිදු කරන  විමර්ශන වලට අනුව අමාළි රඹුක්වැල්ල මහත්මියගෙන්ද  ඉකුත්දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

ඊට අමතරව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත්  රඹුක්වැල්ල මහතාද මෙම කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.



අදහස් (2)

කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක්

ගමේ එකාලා Monday, 09 June 2025 08:17 PM

නැවක් වගේ විශාල ගෙයක් නුවර පැත්තේ නිකම් වහලා දාලා එහෙම එකා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා තවත් වටිනා කියන දේපළ අරගෙන.... බලයෙන් උමතුවෙලා කරපු ජඩ වැඩවලට විඳවලාම මැරෙන්න වෙනවා...

:       0       0

කව්ද බෝයි Monday, 09 June 2025 10:28 PM

පැය පහක් නෙමෙයි, මාස පහක් ප්‍රශ්න කළත්, මේ ගොල්ලෝ දන්නේ නෑ ඒ ගොල්ලන්ට තියෙන වත්කම් ප්‍රමාණය සහ තියෙන තැන්. ඔය කොයික කරලත් හොයාගන්න පුළුවන්වෙන්නේ සොච්චමක් විතරයි. වැඩිහරියක් විදේශයන්වල තියෙන්නේ ඉඩ-කඩම්, ගෙවල් දොරවල්. ඒවා කවමදාකවත් එළි නොවන වත්කම්. හැබැයි අහිංසක ජනතාවගේ කඳුලුත් එක්ක මුසුවූ සාපය වදිනවා... වදිනවාමයි ලොවෙත් නැතිවෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site