(අංජුල මහික වීරරත්න)
කුරුණෑගල, මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ හා ත්‍රිකුණාමලය ශ්‍රී කෝණේශ්වර හින්දු විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට සහභාගී වූහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන පිළිබඳව සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු සිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණි.
එක් විෂය ක්ෂේත්‍රයකම පමණක් සීමා නොවී සෑම ක්ෂේත්‍රයකම අත්හදාබැලීම් සිදු කරමින් නව නිපැයුම් කෙරෙහි කුඩා කළ සිටම හුරුපුරුදු විය යුතු බවත්, තම ජීවිතයේ සෑම අත්දැකීමක්ම පර්යේෂණයට ලක් කිරීම තුළින් ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කළ හැකි බවත් මෙහිදී සිසු සිසුවියන් වෙනුවෙන් හරවත් දේශනයක් සිදු කරමින් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පැවසීය.
මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ප්‍රදානයක්ද සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, එහි සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල යන මහත්වරුද මීට සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුරුණෑගල-ත්‍රි’මලේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Saturday, 12 July 2025 05:34 PM
ඇයි ළමයි, පච යන්තරේ බලන්න දුර කතර ගෙවාගෙන කොළඹ ආවේ? සතියේ ඕනේ දවසක, තඹුත්තේගම තනි සිග්නල් කනුව ගාවට ගියා නම්, පච යන්තරේ මැවුම්කාරිය හම්බවෙලා ඕනේ විස්තරයක් දැනගන්න තිබුණානේ...!