IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කුණ්ඩසාලේ ප්‍රා.සභාව මිලියන 12ක් අවිධිමත් ලෙස කසල අංගනයට යොදවලා

  (ජේ.කේ.එල්. චාමින්ද)

 කුණ්ඩසාලේ  ප්‍රා දේශිය සභාවට අයත් දිගන  අලුත්වත්ත  කසළ මධ්‍යස්ථානය  වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ  ගබඩා අංගන ගොඩනැගිල්ල ඉදිකිරිම අත්හැරදමා  ඉතිරි වු මිලියන 12ක පමණ මුදල කසළ අංගනයේ  වෙනත් කාර්යයන් සදහා අවිධිමත්ව  යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 මෙකි ගබඩා අංගනය ඉදිකිරිම   සදහා රුපියල් මිලියන 42.17 මුදලක් වෙන්කොට තිබුණි. එහෙත් කවිෂිමා යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සදහා වැඩිපුර මුදල් ප්‍රතිපාදන යොදවා තිබු අතර ඒ සදහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 29.38කි.

 ඒ අනුව ගබඩා අංගනය ඉදිකිරිම අත්හැරදමා  ඉතිරි වු රුපියල් මිලියන 12ක පමණ මුදල කසළ අංගනයේ  වෙනත් කාර්යයන් සදහා අවිධිමත්ව  යොදවා තිබුණි.

කාබනික පොහොර  නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටුකරගැනිමට, අදාළ  එකතුකරල ලද දිරණ කසළ, අඹරන ලද කසළ, හා නිපදවන පොහොර වැස්සට  නොතෙමී ගබඩා කිරිම, අඹරන ලද කසල නියමිත ප්‍රමිතියෙන් යුතුව  දිරාපත්විමට අවශ්‍ය පහසුකම් සැලසිම , පොහොර නිසි ප්‍රමිතියෙන් යුතුව ගබඩා කිරිමට වැනි කටයුතු සදහා  ගබඩා අංගන ගොඩනැගිල්ලක්  ඉදිකිරිම අත්‍යවශ්‍ය කරුණකි.

 ඉදිකිරිමට යෝජිතව පැවති  ගබඩා අංගන ගොඩනැගිල්ල  නිසිපරිදි සැලසුම් නොකිරිම හා  නිලධාරින්ගේ අකාර්යක්ෂමතාව මත  සැලසුම්කළ පරිදි ඉදිකිරිමට නොහැකිවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.



අදහස් (0)

කුණ්ඩසාලේ ප්‍රා.සභාව මිලියන 12ක් අවිධිමත් ලෙස කසල අංගනයට යොදවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 256 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 440 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site