IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී

(තිස්ස කොටින්කඩුව, ප්‍රසංග පෙරේරා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිවෙස් හා ගෙවතු අළංකරණය සදහා යොදා ගන්නා කැට වර්ග නිෂ්පාදන කරන ස්ථානයකින්  සොයාගත් අයිස් නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන  රාසායන ද්‍රව්‍ය කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රස පරීක්ෂක අංශයට යොමු කළ බව පොලිසිය කියයි.

කදානේ සුපිරි මහල් නිවාසයක තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදයට යොදා ගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය කිලෝ 2500කට අධික ප්‍රමාණයක් ඊයේ (7) සොයාගත් බව පොලිසිය කියයි. 

කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම නිලධාරීන් කදාන පොලිසිය සමග ඊයේ (07) සවස කදාන දුම්රිය ස්ථානයට යන මාර්ගයේ අතුරු මාර්ගයක පිහිටි සුපිරි දෙමහල් නිවෙසක් වටලා පරීක්ෂා කිරීමේදී එම නිවස තුළ සහ නිවසට යාබදව කැලෑවෙන් වැසී තිබූ ඉඩමකින්  මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගත් බව කදාන පොලිසිය පවසයි.

මෙම නිවෙස පොලිසිය විසින් වටලන අවස්තාවේ එම නිවෙසෙහි කුලි පදනම මත පදිංචිව සිටි තරුණ යුවළක් සහ දරුවකු නිවෙසෙන් පැනගොස්  ඇති බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලීසිය පැවසීය.



අදහස් (7)

කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී

Perakum Liyanagama Monday, 08 September 2025 08:27 AM

අපේ හිටපු දේශපාලුවන්ගේ අනුග්‍රහයෙන් මත් ද්‍රව්‍ය මෙරට තුලදීම නිශ්පාදනය සඳහා ක්‍රියා කරන තරමට දුරදිග යාම කොතරම් අවාසනාවන්ත තත්වයක්ද. මාලිමා රජය මේවා අත්හිටුවා අදාල සියල්ලන්ටම දැඩි දඬුවම් දෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.

:       2       32

යෝගා Monday, 08 September 2025 08:37 AM

වරායෙන් හොරට පන්නපු කන්ටේනර් 323 ප්‍රථිපල මේවා තමා. ජේවීපියට මේ අපරාධය නම් පාස්කු ප්‍රහාරය වගේ අනුන් පිට පටවලා අතපිහාගන්න ලැබෙන්නේ නෑ.

:       44       13

peter kureraMonday, 08 September 2025 09:45 AM

ලොකුම පුදුමය නම් කන්ටේනර් පොහොට්ටු සාමාජිකයින්ගේ පරිශ්‍රයන් තුළට යාමයි.

:       3       27

යෝගාMonday, 08 September 2025 11:44 AM

කලින් පොහොට්ටුවේ හිටපු බයියො තමයි දැන් ජෙබයියො වෙලා තියෙන්නේ. නැත්නම් 3% හිටපු ජෙප්පො ආණ්ඩුවක් පිහිටුවන්නේ කොහොමද? එහෙම බැලුවම අයිස් පැක්ට්‍රිය තනිකර ජෙපි ගේමක්ද කියලා සැක පහල වෙනවා.

:       6       6

janahithaMonday, 08 September 2025 01:29 PM

ඒකනේ ඕක අල්ලලා දාමු... ආගම වගේ අදහන දේශපාලනයේ නේ නවතින්නේ...

:       0       0

janahithaMonday, 08 September 2025 01:40 PM

ඒකනේ අපේ විශ්වාසය හැටියට ඕවා තියෙන්න ඇත්තේ අස්ගිරි පැත්තේ ...

:       1       0

janahithaMonday, 08 September 2025 01:46 PM

එය සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාන්විතයක්... ආණ්ඩුවට මේවා ගැන පලපුරුද්දක් නැහැ. එය සැලසුම්ව කළ තදබදයක් පමණක් දෙවනුව ආණ්ඩුවට පියවර ගන්න සැලසුම් කළ කුඩු මුදවාගත්තු වරද නම් රතු නිවේදන නොසලකා නිදහස් කළ නිසා ආණ්ඩුවද අත්අඩංගුවට ගත යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17388 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site