IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


කුඩ්ඩන්ට යට නොවූ පොලිසිය කැවුම් කිරිබත්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කුඩු ජාවාරමුන් දුන් ලක්ෂ ගණනක අල්ලස් මුදල් ප්‍රතික්ෂේප කරමින් කෝටි ගණනක මුදල් සමඟ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් තොඩුවාව පොලිසියට උපහාර පළ කරන්නට ගම්වැසියෝ කැවුම් කිරිබත් උයාගෙන පොලිසියට පැමිණියහ.

මෙලෙස පොලිසියට නෑ ගම් ආවේ ඉහල මහවැව මහජන ආරක්ෂක කමිටු සාමාජිකයෝයි.

ඔවුහු කැවුම්,කිරිබත් ඇතුළු සියලු රසකැවිලි හා තෑගි භෝග ගෙන ආහ.

පසුගිය මැයි 22 දින අලුයම් කාලයේ තොඩුවාව පොලිස් වසමේ සැක සහිත ලෙස ත්‍රීරෝද රථයක රැදී සිටි දෙදෙනෙකු එදින රාත්‍රී මුර සංචාරයේ නිරත පොලිස් නිළධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී කළු පැහැති බෑගයක රුපියල් කෝටි ගනනක මුදලක් තිබෙන බව දැක තිබේ.

ඒ අවස්ථාවේදී සැකකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනාට ලක්ෂ පහ බැගින් ලබා දීමට උත්සහයක් ගෙන ඇත.

එහිදී එම පොලිස් නිලධාරීන් දෙදෙනා තම ඉහල නිලධාරීන් කඩිනමින් දැනුවත් කරමින් තවත් පොලිස් කණ්ඩායම් කීපයක් මෙම ස්ථානයට කඳවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (6)

කුඩ්ඩන්ට යට නොවූ පොලිසිය කැවුම් කිරිබත්

SIRI Monday, 02 June 2025 04:29 PM

මෙම පොලිස් නිලධාරින් කර ඇත්තේ ඉතාම අගේ කළයුතු ක්‍රියාවක්. මෙවැනි නිලධාරීන් හට එම සත් ක්‍රියාව අගය කරමින් උසස්වීම් හෝ සුදුසු මුල්‍යමය උපකාරයක් ලබාදීමද වටිනවා. අල්ලස් ගන්නට පොලිසියේ වැඩි පිරිසක් යොමුවී සිටින්නේ රාජකාරිය සඳහා ලැබෙන වේතනය සෑහෙන්නේ නැතිනිසා බව අප කවුරුත් දන්නා කරුණක්. ඒ සඳහාද සුදුසු පිළිතුරක් සපයාදිය යුතුම වෙනවා. කොහොම නමුත් බොහෝදෙනා පැතූදේ සිදුවෙමින් පවතින බවයි පෙනෙන්නේ...

:       0       129

Bunny Preena Monday, 02 June 2025 04:38 PM

මෙම නිලධාරීන් දෙදෙනාට පොලිස් දෙපාර්තමේන්තුවෙන් මුදල් ත්‍යාග දෙන්නේ නැතිද? උසස් වීම් වලටත් රෙකමදාරු කළ යුතුයි...

:       0       104

Neel Monday, 02 June 2025 04:42 PM

පොලිස් දෙපාර්තමේන්තුව තුළ අවංකව නිලධාරී තලමත් ඕනෑතරම් ඉන්නවා. එහෙම කට්ටියට හොඳට සේවය කරන්න පුළුවන් අවංක ආණ්ඩුවක්ද පත්වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවට ජය වේවා..!

:       4       106

kapila fonseka Tuesday, 03 June 2025 09:08 AM

පොලිසියට වගේම ගම්මුන්ටත් ආචාර කරනවා

:       0       9

රුවන් Tuesday, 03 June 2025 11:49 AM

මම කියන්නේ ඔය රාජසන්තක වන මේ මුදලෙන් ලක්ෂ 5 බැගින් දෙදෙනාටම දෙන්න වටිනවා වගේම උසස් වීම් වළට ලකුණුත් දෙන්න ඕනේ.

:       0       6

පද්මා කුමාරි කන්කානම්ගෙ Tuesday, 03 June 2025 03:31 PM

මෙම සිදු වීම මැයි 30 සිදු වුනේ.ජුනි 2 දිණමින ප්‍රාදේශීය පිටුවේ පුවතක්.එයම ජුනි 3දා ලංකාදීප මුල් පිටුවේ .එහි සදහන් වෙනවා මෙම සිදුවීම ජුනි 2 සිදුවූ බවත් .එතකොට විශ්මිත ලෙසින් ජුනි 2 සිදු වීම එදිනම දිණමින පත්තරයේ පළවෙනවා.අහෝ !ගිලිහී යන ලංකාදීප පුවත් පතේ විශ්වාසනීයත්වය,කීර්තිය !

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 222 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 391 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 640 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site