IMG-LOGO

කුකුලා - මාලිමා දීගය කැඩේ, නොර්වුඩ් උප සභාපති සමගියට

(රංජිත් රාජපක්ෂ)

නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තේරිපත් වූ අතර උප සභාපති ලෙස සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා මහතා වැඩි ඡන්ද 12 ක් ලබා ගනිමින් තේරිපත් විය.

උපසභාපතිවරයා වශයෙන් තරග කළ ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා  පරාජය විය. ඔහු ලබා ගත්තේ ඡන්ද හතක් පමණි

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින පෙරවරු 09:00ට නෝර්වුඩ් පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

උපසභාපතිවරයා තේරිමෙදි ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ස්වාධීනව කටයුතු කර ඇත.

සියයට 50ක ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ සභාවල බලය බලා ගැනීමට ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්වි කටයුතු කළ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරිමේදි සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සංධානයේ පලනි දිගම්බරම් මහතා නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටු වීමේදි ලංකා කම්කරු කොංග්‍රසයට එරෙහිව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගයට ලබා දී ඇත.

උප සභාපතිවරයා තොරා පත් කරගැනිමේ ඡන්දයේදි ජාතික ජන බලවේගයේ සභිකයන් සමගි ජන බලවේගයේ නඩරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනිමට සහයෝගය දක්වන ලදී.



අදහස් (1)

කුකුලා - මාලිමා දීගය කැඩේ, නොර්වුඩ් උප සභාපති සමගියට

BBS Friday, 27 June 2025 01:15 PM

ප්‍රාදේශීය සභා නිසා දේශපාලනයට එන්නේ ගමේ ඉන්න බෝක්කු රත්කරන කුණු එහෙම ඇවිත් තමයි ජාතික දේශපාලනයට ඇවිත්, පාර්ලිමේන්තුව මිරිස්කුඩු ගහන, රටට කිසිම වැදගත් තීරණයක් නොගන්න, කොමිස් කාක්කන් ඉන්න තැනක තත්වෙට පත් වුනේ. මේ ප්‍රාදේශීය සභාවල ප්‍රමිතිය වැඩි කරන්න ඕනේ... නැතිනම් මේවා නැති කරලා ප්‍රාදේශීය ලේකම් හරහා ඒ සේවාව කරන්න ඕනේ...

:       4       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 185 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 218 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site