(අංජුල මහික වීරරත්න)
කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ අවශ්‍යතා ඇති සියලු ළමුන් ආවරණය වන පරිදි කැපකරු මාපිය රැකවරණය පිළිබඳ විධිමත් නෛතික ප්‍රතිපාදනයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බව හඳුනාගෙන ඇත.
එබැවින්, කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇති පවුල්පාදක විකල්ප රැකවරණ ක්‍රමයක් වන පෝෂිත රැකවරණ (කැපකරු මාපිය ක්‍රමය) සංකල්පය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කැපකරු මාපිය රැකවරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
එකී යෝජිත යාන්ත්‍රණය මඟින්, කැපකරු මාපිය රැකවරණය ස්ථාපිත කිරීම සහ දුරස්ථ මාපිය රැකවරණ සහාය යන ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ රැකවරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කැපකරු මාපිය ක්‍රමයට අලුත් නීතියක්