IMG-LOGO

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය මඟින් දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය ක්‍රියාත්මක කරමින් පවතී.

 නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් හරහා ස්වභාවික විපත් මඟින් විය හැකි හානි අවම කර ගැනීම තුළින් ජාතික සංවර්ධනයට සහාය වීම, දේශගුණය ආශ්‍රිත ආපදා අවදානම් අවම කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණය සහ දේශගුණය ආශ්‍රිත සේවා නවීකරණය කිරීම, එම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි සංරචක 1 යටතේ ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණ කටයුතු සිදු කිරීම සඳහා උපදේශන ආයතනයක් තෝරා ගැනීම සඳහා ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. 

ඒ සඳහා ආයතන 08ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මතපදනම්ව, තායිලන්තයේ බැංකොක්හි ආසියානු ආපදා සූදානම සඳහා වූ මධ්‍යස්ථානය (Asian Disaster Preparedness Centre) වෙත අදාළ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site