
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා පසුගිය වසරේ (2024) රුපියල් මිලියන 3,668 ක් හෙවත් රුපියල් කෝටි 367 කට ආසන්න මුදලක් වැයකර ඇති බවත් මෙම වසරේ (2025) අගෝස්තු මස දක්වා මාස අට තුළදී සේවකයන්ටෙ වැටුප් ගෙවීමට රුපියල් මිලියන 2,645 ක් හෙවත් රුපියල් කෝටි 265 කට ආසන්න මුදලක් වැයකර ඇති බව එම නගර සභාව පැවසීය.
එම නගර සභාවේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මියට යොමු කළ ප්‍රශ්න මාලාවකට යොමු කළ පිළිතුරේ එම තොරතුරු සදඟන් වේ.
එම නගර සභාවේ සේවයන්ට 2024 වසරේ ගෙවූ වැටුපෙන් රුපියල් මිලියන 2,917 ක් හෙවත් රුපියල් කෝටි 292 කට ආසන්න මුදලක් සහ මෙම වසරේ මේ දක්වා ගෙවූ වැටුපෙන් රුපියල් මිලියන 1,789 ක් හෙවත් රුපියල් කෝටි 179 ක් පළාත් සභාව ප්‍රතිපූර්ණ කළ බව ද කියන කොළඹ මහ නගර සභාව 2024 වසරේ ශ්‍රම මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 24 කට අධික මුදලක් ගෙවූ බව ද සඳහන් කරයි.
කොළඹ නගර සභාව මෙම වසරේ අගෝස්තු මස දක්වා ස්ථිර සේවක වැටුප් සඳහා කෝටි 264 කට අධික මුදලක් ද, ශ්‍රම මිලදීගැනීම සඳහා රුපියල් කෝටි 14 කට අධික මුදලක් ද, වැයකර ඇති බව ද එම පිළිතුරේ සඳහන් වේ.
කොළඹ නගර සභාව තුළ ශ්‍රම පදනම මත සේවකයන් 428 ක් සහ කොන්ත්‍රාත් පනදම මත සේවකයන් 60 ක් සේවය කරන බවත් කර්මාන්ත අංශයේ සේවය කරන සේවකයන් 124 තනි අංශයක සේවය කරන වැඩිම සේවක සංඛ්‍යාව බවත් එම නගර සභාව පවසයි.
ජලසම්පාදන අංශයේ සේවකයන් 64 ක්, කර්මාන්ත අංශයේ සේවකයන් 54 ක් ඉඩම් අංශයේ සේවකයන් 23 ක් සහ රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ සේවකයන් 21 ක් ලෙස සේවය කරන බවත් සෙසු සියලුම අංශවල සේවක සංඛ්‍යාව 20 ට අඩු බවත් එම නගර සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ මහ නගර සභාව කෝටි 367ක් වැටුප් ගෙවලා