IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


කොළඹ නගරාධිපතිනියට විපක්‍ෂයෙන් ප්‍රශ්න වැලක්

(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ වර්තමාන පරිපාලනය යටතේ එහි සේවකයන් සහ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව මන්ත්‍රීවරු සහ ජනතාව අතර දැඩි සැකයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් එම නගර සභාවේ සේවකයන් සහ මාර්ග සංවර්ධන පිළිබඳව නගරාධිපතිවරියගෙන් සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙදෙනකු ලබන 21 වැනිදා පැවැත්වෙන මාසික රැස්වීමේදී ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටිති.

සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු වන රෝයි බෝගහවත්ත මහතා සේවකයන් පිළිබඳව සහ මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳව නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මියගෙන් විමසීමට නියමිත අතර එහිදී ඔවුන් එම විෂයන් දෙක සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

කොළඹ මහ නගර සභාවේ සේවකයන් සංඛ්‍යාව, සේවකයන්ට වැටුප් ගෙවීමට මුදල් ලැබෙන ආකාරය, සේවකයන් බඳවාගැනීම් පිළිබඳ විස්තර සහ ශ්‍රම මිලදීගැනීම් පිළිබඳව එහිදී රෝයි බෝගහවත්ත මහතා විමසීමට නියමිතය.

කොළඹ නගර මහ නගර සභාව සතු මාර්ග පද්ධතියේ ප්‍රමාණය, එය නගර සභාවෙන් සහ පෞද්ගලික අංශයට හරහා නඩත්තු කරන ආකරය සහ ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම් මෙන්ම ඒවා ප්‍රයෝජනයට ගැනීම් පිළිබඳව මහේන්ද්‍ර දර්ශන ද සිල්වා මහතා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටියි.

 



අදහස් (12)

කොළඹ නගරාධිපතිනියට විපක්‍ෂයෙන් ප්‍රශ්න වැලක්

සඳමාලි Thursday, 16 October 2025 06:18 PM

මොනව දැනගෙන ද ඉතිං මෙතුමිය නගරාධිපතිකං කරන්න ආවෙ? ඔවැනි ප්‍රශ්න අසා මේ අසරණිය අමාරුවේ නොදාන්න විපක්‍ෂ මන්ත්‍රීවරුනි.

:       44       28

සදරුවන්Thursday, 16 October 2025 07:16 PM

අසරණයි කියලා ජනතා ප්‍රශ්න යටපත් කරන්න බැහැ. දෙවනුව අසරණියක් නම් නොදන්නාකමට අමාරුවේ නොවැටී පැත්තකට වෙලා හිටියා නම් මොකුත්ම නැහැනේ සදමාලි...

:       22       20

අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 07:23 PM

කොළඹ මහ නගර සභාවේ බලය අවුරුදු හැත්තෑවකට වැඩිය අල්ලාගෙන හිටියේ එක්සත් ජාතික පක්ෂයයි. ඔවුන් එක්ක එකට ලැග ගෙන එකට හොරා කෑව එවුන් දැන් වෙනම පක්ෂයක් හදා ගත්තා කියලා නිදහස් වෙන්නේ නැහැ. දැන් ඔය බයවෙලා දගලන්නේ පරණ කුණු එළියට ඇදෙන බව දන්නා නිසා. නටපල්ලා තව ටික කාලයක් ඊට පස්සේ වැලිකඩ බෝඩිමේ කාමරයක් ලැබෙයි.

:       17       48

Nelu Friday, 17 October 2025 03:05 AM

අරවින්ද මොණරවිල මානසික රෝග වයිද්‍යවරයෙකුට පෙන්වන තත්ත්වයකට වැටිලා. ප්‍රශ්ණයක් ඇහුවත් පිස්සු තද වෙලා කෑගහන තැනට වැටිලා. පහුගිය දවස්වල ජනාධිපතිතුමා වරාය පිළිබඳ වගකීම වෙන ඇමති කෙනෙක් අතට දුන්නමත් මුලින්ම ඒක එහෙම නොවෙයි කියන්න ගියා. ඉත් පස්සේ කිව්වා එහෙම වෙන්න අවශ්‍ය නැහැ කියන වචන දෙකම. ජනාධිපතිතුමත් වැරදි වගේ ලිව්වේ. අරවින්ද, විපක්ෂයේ කාර්ය භාරය තමයි අවශ්‍ය නම් ප්‍රශ්න කිරීම. කලින් අය කරපු නිසා දැන් කරන එකත් හරි කියන්න බෑ, විශේෂයෙන්ම ප්‍රශ්න විසඳනවා කියලා ආවම. කලින් රෝසි සේනානායක කරපු දේවල් වුනත් ප්‍රශ්න කරානේ විපක්ෂයෙන්. අනික් එක මහ ජනතාවට සේවය කරන්න ආවා කියලා නොකරනවා නම් ඒ ගැනත් හොයන්න ඕන. මාලිමා ප්‍රතිපත්ති මොන තරම් හොඳ වුනත් ඒවා ක්‍රියාවට නගන්නේ එක් එක් තැන වෙනස් පුද්ගලයින්. ඒ අය එක්කෙනගෙන් එක්කෙනාට වෙනස්. මතකනේ ඔයාගේ පක්ෂයෙන් බිංගිරිය පැත්තේ ඇඟලුම් කම්හල් නිරීක්ෂණය කරපු අය ගැන.. ඒ වගේ අය ඕන තරම් ඉන්නවා. ඒ නිසා ඔයාගේ හීන ලෝකෙන් එළියට ඇවිත් මහජනතාවගේ පැත්තෙන් හිතන්න පුරුදු වෙන්න. ඡන්දයක් දිනලා පාලනයක් ගත්තා නම් ඒ විදිහට වැඩ කරන්නත් වෙනවා

:       2       5

පාඨකයෙක්Friday, 17 October 2025 09:36 AM

කුණු එළියට ඇදීම කෙසේ වෙතත්, මෙතුමිය වැඩ භාරගැනීමෙන් පසු, කොළඹ ඇතැම් ප්‍රදේශවල නිසි වේලාවට අපද්‍රව්‍ය එකතු කිරීම නොකෙරේ. ඇතැම් දිනවල අදාල රථය පැමිණෙන්නේ සවස් කාලයේය. එක් දිනක් පැමිණියේ සවස 6න් පසුවය. මේ තත්ත්වයට වග කිව යුතු කවුදැයි සොයා බලා, කටයුතු කරන්නේ නම් මැනවි.

:       1       2

B Amarasinghe Friday, 17 October 2025 04:00 AM

සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහලානේ ප්‍රචාරය දෙන්න ඕනෙ, දැන් ප්රශ්නෙ මතු කරන්නත් කලින් ප්‍රචාරය අරගෙන. අර මනුස්සයා දන්නෙ නැති ප්‍රශ්නෙකට වරදකරු වෙලා

:       0       3

Chethiya Bandara Friday, 17 October 2025 03:56 PM

විපක්ෂය කරලා තියෙන්නේ සදමාලි කියන හැටියට නගරාධිපති අසරණියක් නිසා අහන ප්‍රශ්න වක්‍රාකාරයෙන් කලින්ම අහලා. ඒවා ලබන සතියේ ඉදිරිපත් කරනවා කියලා දන්වලා තියෙනවා මේයර්ට තියෙන්නේ පුදනකොටම කාපි යකා වගේ ප්‍රශ්නය ඇසූ විගසම උත්තරේ දෙන්න පමණයිනේ...

:       0       0

Chandana Friday, 17 October 2025 05:30 AM

ඔව් අරවින්ද, ඔයා සඳමාලිටයි සඳරුවන්ටයි ජරාව කාලා පුරුදුයි ඇයි බයෙන් කමෙන්ට් දාන්නේ

:       0       3

කව්ද බෝයි Friday, 17 October 2025 09:45 AM

ජ හුටා...ප්‍රශ්ණ පත්‍රය වේලාසනින්ම මාද්‍යට නිකුත් වෙලා. දැන් ඉතිං නගරාධිපතිනියට නෙමෙයි, නගරසභාවේ කම්කරුවෙකුට වුණත්, හොයලා, බලලා පිළිතුරු දෙන්න පුළුවන්.

:       0       5

සඳරාණි Friday, 17 October 2025 09:50 AM

සඳමාලි, ඔයා දැන් මොනවා දැනගෙනද මෙතන කොටන්න පටන් ගත්තේ?

:       0       2

සඳ කුමාර Friday, 17 October 2025 09:54 AM

ඒක ඇත්ත සඳරුවන්, හැමෝම පැත්තකට වෙලා හිටියාම හොරුන්ට කඩ-වඩා ගන්න ලෙහෙසියිනේ. මොකද ඒ කාලේ කිසිම ප්‍රශ්ණයක් නැතිව ඉඳලා දැන් තමයි ප්‍රශ්ණ වැලවාගේ එන්නේ

:       0       4

කව්ද බෝයි Friday, 17 October 2025 09:55 AM

පෝයකට සඳ පායල වාගෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 924 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1006 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site