(කුෂාන් ජයවර්ධන)
පවතින වැසි තත්වයත් සමඟ කලාවැව වාන් දැමීම ඊයේ (18) ආරම්භ විය.
ඒ සමගම ඊයේ පස්වරුවේ අඩි එක බැගින් විවෘත කෙරුණි.
කලාවැව හදිසි වාන් දොරටු දෙකම ඊයේ(18) රාත්‍රිය වනවිට අඩි දෙක බැගින් වන සේ තවදුරටත් විවෘත කිරීමට කලාවැව වාරි ඉංජිනේරුවන් කටයුතු කර තිබේ.
අද(19) උදෑසන වනවිට කලාවැවේ සමස්ථ ජල මට්ටම ජල මට්ටම අක්කර අඩි 88759ක් දක්වා ඉහළ ගොස් තිබිණ.
මේ වනවිට අඩි දෙක බැගින් වන සේ විවෘත කර ඇති කලාවැව හදිසි වාන් දොරටු දෙක මගින් කලාඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝණ අඩි 3447කි.
අද(19) උදෑන වනවිටත් දඹුළුඔය ඇතුළු ජල මූලා ඔස්සේ තත්පරයට ඝණ අඩි 4550කට ආසන්න ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් පවතින බව එම ජලාශ කාර්යාලය පවසයි.
වැවට එක්වන ජල ධාරිතාවය හා පවතින වැසි සහිත තත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය වෙතොත් එම හදිසි වාන් දොරටු තව දුරටත් විවෘත කිරීමට සිදුවන බවද ජලාශ භාර වාරී ඉංජිනේරුවරු සදහන් කරති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කලා වැව වාන් දමයි