IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


කලා මණ්ඩල පනත සංශෝධනය වෙයි

(අංජුල මහික වීරරත්න)

ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලලිත කලාවන්ගේ අභිවෘද්ධියත්, ආවේණික කලා හා කර්මාන්තයන් සංවර්ධනය හා දිරි ගැන්වීමත්, අදාළ කුමන කරුණක දී හෝ රජයේ දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය බලමණ්ඩල හා ආයතන වලට උපදෙස් ලබා දීමත් අරමුණු කර ගනිමින් (278 වන අධිකාරිය වූ) 1952 අංක 18 දරන ලංකා කලා මණ්ඩල පනත මඟින් ලංකා කලා මණ්ඩලය පිහිටුවා තිබේ. 

මේ වන විටත් කලා ක්ෂේත්‍රයන්හි ඇතිවී තිබෙන හා ඇති වෙමින් පවත්නා අවශ්‍යතා හා පුළුල් වීම් පදනම් කර ගනිමින් කලා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධියට අත්‍යාවශ්‍ය කලා අධ්‍යාපන හා කලා සංරක්ෂණ වැඩසටහන් පවත්වා ගෙන යෑමට මෙන්ම ප්‍රමිතියෙන් යුතු කලා පර්යේෂණ හා නිෂ්පාදන ව්‍යාපෘති උදෙසා අනුග්‍රාහක අරමුදලක් පවත්වා ගෙන යෑම ඇතුළු මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගෙන යාමට හැකි වන අයුරින් වර්තමාන කලා මණ්ඩල පනතට සංශෝධන හඳුන්වා දීම අත්‍යවශ්‍ය බව හඳුනාගනු ලැබ ඇත. 

එමෙන්ම, කලාකරුවන්ගේ වෘත්තීය ආරක්ෂාව, ගෞරවය සහ යහ පැවැත්ම තහවුරු කිරීම උදෙසා මැදිහත් වීම සඳහා ඉඩකඩ ලබා ගැනීම ද මෙම පනත සංශෝධනය කිරීම මඟින් අපේක්ෂා කෙරේ.

 මීට අදාලව ශ්‍රී ලංකා කලා මණ්ඩලය විසින් සංශෝධන කිහිපයක් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය පිහිටු වීමේ දී පැවති අරමුණු හා අභිමතාර්ථයන්ට වඩා පුළුල් වපසරියක විහිදුණු අරමුණු හා අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා (278 වන අධිකාරය වූ) 1952 අංක 18 දරන ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසිත් කමත කරන ලදී.

 



අදහස් (0)

කලා මණ්ඩල පනත සංශෝධනය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site